*
Thursday, January 30, 2025
spot_img

Latest Posts

ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වාසනාවන්ත අනාගතයක් පෙන්වා, අවාසනාවන්ත ලෙස ලෝක කුසලානයෙන් එළියට වීසි වුණ ලංකාවෙ කෙල්ලො

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 30 ,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවතට යන්නට පාර කැපිණ.ඒ වර්ෂාව නිසා සහ තරගාවලියේ ස්වභාවය අනුවය.වර්ෂාව නිසා ශ්‍රී ලංකාවට තීරණාත්මක සුපිරි හය වටයේදී ස්කොට්ලන්තය සමඟ වූ තරගය අහිමි විය.එම තරගය තරගාවලියේ දක්ෂතා සැළකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවට ජය ගැනීමට තිබුණු තරගයක්ය.

එසේම තරගයේ ස්වභාවය අනුව මූලික වටයේ දී තමන් සහභාගි වූ තරග අතරින් අවසාන කණ්ඩායම් හය අතරට නොතේරුණු කණ්ඩායම් සමඟ පැවති තරග වල තීරණ නොසළකා හරින නිසා ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව වාර්තාගත ලකුණු ප්‍රමාණයක් රැස් කළ තරගයේ ප්‍රතිපලය දත්තවලට ඇතුළත් නොවිණ.ඒ නිසා සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රතිපලය අවසාන ලෙස දිස් වුණේ මේ ආකාරයටය.

මේ සටහන අනුව මැලේසියාව සමඟ පැවති තරගය නැත.නැවත කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී තරගාවලියේ වැඩිම ලකුණු සහිත ඉණිම වාර්තා කරමින් ලැබූ ජය ඇත.ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදී ලබා ගත් අවසාන තරගයේ ජය ඇති අතර ස්කොට්ලන්තය අතර තරගයේ තීරණයක් නොමැති වීම N/R ලෙස දක්වා ඇත.ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරු නාමාවලියට විශාල තර්ජනයක් එල්ල කළ ද,ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් අනවශ්‍ය පීඩනයක් නිසා ඇති කර ගත් හදිසිය සහ නොසැළකිල්ල නිසා එම තරගයෙන් අනපේක්ෂිත ලෙස පරාජය විය.එම වරද නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේ ස්වභාවය සහ සහ වර්ෂාව නිසාත් තරගාවලිය අහිමි වන්නේ නැත.

ඉහත කරුණු බලද්දී ශ්‍රී ලංකාව ඉන්දියාවට නිවැරදිව,ශක්තිමත්ව සහ කල්පනාකාරීව මුහුණ දුන්නානම් මේ තරගාවලියේ කුසලානය දක්වාම යාමට අවශ්‍යය හැකියාව ශ්‍රී ලංකාවට තිබිණ.එම වරද සිඳු කිරීම නිසා දෝ තීරණාත්මක සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට ස්වභාව ධර්මයෙන් පනවන දඬුවමක් හැටියට ස්කොට්ලන්තය සමඟ තරගය පන්දුවක්වක් නොයවා අත හරින්නට සිඳු විය.

ඉන්දියානු පරාජයත් සමඟ විවිධ මානයේ සංසන්දන සිඳු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පලක් නැති කණ්ඩායමක් බවත්,මැලේසියාව සහ කොදෙව් කණ්ඩායම් පරාජය කළ ද වෙනත් කණ්ඩායම් පරාජය කළ නොහැකි කණ්ඩායමක් හැටියටත් ක්‍රිකට් දේශපාලනයේ යම් යම් බළල් අත්වලින් මේ තරුණියන්ගේ කීර්තිය පහුරු ගාන්නට විය.එහෙත් ඔවුන් තරගාවලියෙන් ඉන්දියානු පරාජය පමණක් හේතු කරගෙන ක්‍රිකට්මය නොවන වෙනත් කාරණා පදනම් කරගෙන ඉවතට යන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 12 න් පරාජය කරමින්ය.

එම පරාජය දිගටම මේ යොවුන් ක්‍රීඩිකාවන් සමඟ සිටි අයෙකුට පුදුමයක් වන්නේ නැත.මේ යොවුන් කණ්ඩායම ඔස්ට්‍රේලියාව,එංගලන්තය පමණක් නොව නවසීලන්තය සමඟ ද තරග වැද ඇත.ශ්‍රී ලංකාවේදී ද,වෙනත් රටවලද අත්දැකීම් ලබා දෙමින් අවශ්‍යය මට්ටමට ඔවුන්ව පෝෂණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබිම සකස් කර තිබිණි.ඒ නිසා මේ ක්‍රීඩිකාවන් එක්වරම නැඟිට සිහිනයක් මෙන් ලබන ජයග්‍රහණ වෙනුවට මේ ලබන්නේ සැළසුමක තැනෙක සටහන් විය යුතුව ඇති විජයග්‍රහණය.

මේ තරගාවලියේදී සංජනා කාවින්ද දිගින් දිගටම පාහේ ප්‍රතිවාදීන් මර්ධනය කරනාකාරයේ ප්‍රහාරාත්මක හැකියාවක් තමන් සතු බව පෙන්නුවේය.රශ්මි සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පිටත වේග තණතිලිවල මෙන්ම ශ්‍රී ලංකාවේදී ද දක්වන ලද දස්කම් අනුව බලාපොරොත්තු වූ තුන් ඉරියව් දක්ෂතාවලින් කණ්ඩායමට දායකත්වය දෙන්නට අපොහොසත් විය.පුසගිය කාලයේ දස්කම්වලින් උපයා ගත් දේ රැස් සේ සිය හිස වට සරසා ගැනීමට මේ තරුණ ගැටවරියන් පෙළඹෙන්නට හැකි බව අප අමතක නොකළ යුතුය.එවැනි අවස්ථාවක ක්‍රීඩාව රැස් විහිඳුවන තැනක් බව පත් කිරීම ක්‍රීඩිකාවගේ පැවත්ම බව සිත නොතැලෙන්නට කියා දෙන්නට වැඩ පිළිවෙලක් අවශ්‍යය කරන්නේය.

ශෂිනි ගිම්හානි අවුරුදු 16 දි ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගනිමින් සිය පළමු තරගයම තරගයේ වීරවරිය වී නිම කළ ක්‍රීඩිකාවක්ය.ඇය මේ තරගාවලියේදී නරක නැතත් මීට වඩා දස්කම් දැක්විය යුතුව තිබිණ.විශේෂයෙන්ම ප්‍රතිවාදීන්ට පීඩනයක් ඇති කළ යුතුව තිබුණු බව දැණින.එසේම නායිකාවක ලෙස මනුදි නානායක්කාර ද තමන් විසින් තමන්ව ප්‍රවේශම් කරන මට්ටමට රටට පමණක් නොව ලෝකයටම වැදගත් ක්‍රීඩිකාවක විය හැකි බවත්,හොඳ නායිකාවක බවත් පෙන්නුම් කළේය.ප්‍රවේශමෙන් භාවිතා වන්නේ කෙසේද යන්න වැදගත් සිය බුද්ධියෙන් පාලනය කර ගත යුතු කාරණාවක් බව මෙහිදී අමතක නොකළ යුතුය.

දැහැමි සෙනෙත්මා පිතිකරණයේ පළමු වටය නිම වෙන තෙක්ම ඉදිරියෙන්ම උන්නාය.එහෙත් ඇය ඉන්දියාව ඉදරියේ මෙන්ම ඔස්ට්‍රේලියාව ඉදිරියේදී ද,ඇය වෙනුවෙන් සකසා තිබුණු උගුලවලට පහසුවෙන් පැන්නාය.

කතා කළ යුතුම පිරිවර ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නියන්ය.සියල්ලම වැඩ කොටස මැනවින් කළ බව නොකියා බැරිය.ඒ අතරින් කැපී පෙණෙනම දායකත්වය ලැබුණේ චමෝදි ප්‍රබෝධාගෙන් ය.ඇය ස්කොට්ලන්ත තරගය මඟ නොහැරෙන්නට සමහර විට මේ වන විටත් කඩුලු දඩයමේ පෙරමුණේ රැඳෙන්නට තිබිණ.ඇය විසින් ප්‍රතිවාදි කඩුලු 9 ක් ලබා ගත්තාය.ලංකාවේ ක්‍රිකට් දේශපාලනයේ දරුණු විවේචන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සෘජුව එල්ල කරන්නට නොහැකි වන විට ලාබාල ක්‍රීඩිකාවක් හෝ භාවිතයට ගෙන එල්ල කිරීම සාමාන්‍ය සිරිතය.ඊට වඩාත්ම දරුණු ලෙස ගොදුරු වූවේ ලිමන්සා තිලකරත්නය.

ඩිල්ෂාන් තිලකරත්නගේ දුව වීම ඊට හේතුව වූ අතර ඩිල්ෂාන් විරෝධය ද,ඩිල්ෂාන් සහ ශ්‍රි ලංකා ක්‍රිකට් අදහස් දෙකක සිටියද ඩිල්ෂාන්ගේ දුව හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පහර දෙන්නට තිබෙන හැකියාව ද යොදා ගෙන ලිමන්සා ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය ඇයගේ දස්කම් නොසැළකිල්ලෙන් කළ එකක් විය.ඇය ඊට දස්කම්වලින් පිළිතුරු ලබා දුන්නාය.විශේෂයෙන් මේ ලෝක කුසලානයේ දී ඇය ඊට හොඳින්ම පිළිතුරු දුන් අතර ඔස්ට්‍රේලියාවට එරෙහි ජයග්‍රහණයේදී ද ඇය තරගයේ වීරවරිය වූවාය.ඒ අනුව තරගාවලියේ අවස්ථා දෙකකදීම ශ්‍රී ලංකා ජයග්‍රහණවලට උර දෙමින් ඇය තරගයේ වීරවරිය වන්නට සමත් වූවාය.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත්තේ කඩුලු 8 ට ලකුණු 99 ක් පමණි.එහිදී පන්දු හයකට මුහුණ දී ලිමන්සා නොදැවී ලකුණු හයක් ලබා ගත්තාය.සංජනා කාවින්දි (19),සුමුදු නිසංසලා (18),මනුදි නානායක්කාර (15) සහ හිරුනි හංසිකා (14) ලෙස පළමු අංක හතරේ ක්‍රිඩා කළ ක්‍රීඩිකාවන් ලබා ගත් ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයට පසුව වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ ලිමන්සාගේ ලකුණු ප්‍රමාණය විය.ලකුණු 120 ක පමණ ලකුණු පූවරුවක් දකින්නට තිබුණ ද,මුල් කඩුලු කිහිපය බිඳ වැටුණු පසු ශ්‍රී  ලංකා කණ්ඩායමේ ලකුණු වේගයට අඟුළු වැටිණ.කඩුලු වැටීම ඉක්මන් විය.

පිළිතුරු ඉණිමට පිවිසි ඔස්ට්‍රේලියාවට ලකුණු 99 හඹා යාම දුෂ්කර කිරීම සඳහා මනුදි සියලු සැළසුම් සකස් කළ අතර ඊට පූර්ණ සහය සියල්ලන් අතින් ලැබිණ.විශේෂයෙන්ම පන්දු රැකීම ඉහළම තැනෙක තිබිණ.තරගාවලිය පුරාම මනා සංයමයකින් කඩුලු රැකීම සිඳු කළ සුමුදු නිසංසලා කඩුල්ල පිටුපස සිට තරගය හොඳින් කියවන්නියක බව ද සනාත කළාය.තරගයේ අතර මැද සිව්වන කඩුල්ල සඳහා ලකුණු 41 ක සබඳතාවයක් ඇති කරන්නට කාහොමි බ්‍රේ (27) සහ එලීනර් ලාරෝසා (18) සමත් විය.එම සබඳතා දෙකම බිද දැමීමට ලිමන්සාගේ දායකත්වය විශිෂ්ඨ විය.බ්‍රේ ලකුණු 27 ට දවා ගැනීමට සමත් වූ ලිමන්සා,ඉනික්බිති ලාරෝසාව දවා ගන්නට උඩ පන්දුවක් රැක්කාය.විශේෂයෙන් ඇය කළබලකාරි නොවී එල්ලා බ්‍රිස්කෝගේ කඩුල්ල දුවද්දී දවා ගන්නට  දැක් වූ දායකත්වය ද සමඟ ඔස්ට්‍රේලියාව හිස ඔසවන්නට නොහැකි තරමට බිඳ වැටුණාය.

පන්දු රැකීම මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව දෙසට කැඳවාගෙන යමින් සිටි බ්‍රේ ගේ කඩුල්ලද දවා ගෙන තීරණාත්මක ලෙස ලකුණු 6 ක් ද එක් කළ ලිමන්සා තරගයේ වීරවරිය වෙද්දී ශ්‍රී ලංකාවට ලෝකය ඉදිරියේ අවසාන කණ්ඩායම හතර අතර නැතත්,කිසිවෙකුට නොදෙවැනි වන්නට අනාගතය ගැන බලාපොරොත්තු ඇති කර තරගාවලියෙන් නික්මෙන්නට හැකියාව ලැබිණ.එසේම කුසලානය නොලැබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් වසර දෙකක පමණ කාලය පුරා මේ යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් කළ කී දේ සඳහා ඔවුන් විශාල වටිනාකමක් ලබා දී ඇත.තරගාවලියේ ලාබාලම ක්‍රීඩිකාවන් ගොන්න මුල් කණ්ඩායම් හතරට පමණක් පසුපසින් සිට තරගාවලිය හමාර කරන්නේ තවත් අවුරුදු කිහිපයකට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් පෙළ ගැසෙන්නට සිටින ක්‍රීඩිකාවන් ගොන්නකගේ දායකත්වය තබා ගෙනය.ඉතිං හෙට කළුවර නැත.

තරගාවලිය ගැන ඔබ නැරඹිය යුතුම විශේෂ අවස්ථා ඇතුළත් වීඩියෝ රූප පෙළට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.

https://bit.ly/40RtOEH

ඔස්ට්‍රේලියාව සමග වූ තරගයේ ලකුණු පූවරුව පහතින් දක්වා ඇත.

https://es.pn/4goXJZf

එසේම බට්ටි ගැන රස කතා කියන බොහෝ දෙනෙක් බට්ටිව පමණක් හුදෙකලා කර ගන්නා අතර ඇත්තට ඇයගේ වටිපිටාවේ සිටන දක්ෂයන්ට නැඟිටින්න බැරි හේතු කවරේද යන්න බට්ටි ඇසුරේම අප 2024 අප්‍රේල් 10 දා තැබූ සටහනක් ද මේ සමඟ අමුණන්නේ,ඇයගේ ක්‍රීඩාව වෙනුවෙන් දැන ගැනීමට ඇවැසි කතා නොකරන පුවතක් සියල්ලම දැන ගත යුතු නිසාය.

https://bit.ly/4hxUpMA

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයෙන් ඉනික්බිති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටිය වට ඇවිදමින් ශ්‍රී ලංකාවට දිරි දුන් ප්‍රේක්ෂක සමූහයට ආචාර කිරීම ද කැපී පෙණින.මැලේසියාවේ සිටින ලාංකික විශාල පිරිසක් ශ්‍රී ලංකාව සහභාගි වූ තරග නැරඹීම සඳහා පැමිණීම ද අගය කළ යුතු සහ ස්තූතිවන්ත විය යුතු කාරණයකි.ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි විදේශ තරගාවලි සම්බන්ධයෙන් ජයග්‍රහණ ගැන තබන සටහන්වලට එහි සිටින ලාංකිකයන් පැමිණ කරන දිරි ගැන්වීම්වලට ද ස්තූතිය පුද කරන්නේනම් එය අලුත් ලස්සනක් ක්‍රිකට් සංස්කෘතියට එකතු වීමක් වනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan