යුරෝපීය මලල ක්‍රීඩා සූරයා සහ සූරිය චීනයේ ඩයමන්ඩ් ලීගයන්ට සහභාගි වීම තහවුරු කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 30 ,(LNW)කොළඹ :

යුරෝපීය මලල ක්‍රීඩා සූරයා සහ සූරිය ලෙස ඉකුත් වසරේ සම්මානයට පාත්‍ර වූ පිරිමි රිටී පැනීමේ ලෝක වාර්තාලාභී ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ලාන්ටිස් සහ කාන්තා උස පැනීමේ ලෝක වාර්තාලාභී යුක්රේනයේ යාරොස්ලාවා මහුචික් මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලිය අරඹඹින් චීනයේ තරගවලට එකතු වන බව ස්ථීර කර ඇත. මෙම වසරේ මාලාවේ පළමු රැස්වීම් දෙක වන ෂියාමෙන් සහ කෙකියාඕ පැවත්වෙන තරග දෙකටම ඩුප්ලාන්ටික් සහභාගි වන අතර උස පැනීමේ ශූරී යාරොස්ලාවා මහුචික් කෙකියාඕ හි තරඟ වදිනු ඇත.
මීටර් 6.26 ක විශ්මිත උසකට රිටි පැනීමේ ලෝක වාර්තාව ගෙන ගොස් තිබෙන ඩුප්ලාන්ටික්,සර්ජි බුබ්කා රිටි පැනීමේ විශ්මය ලෙස ගොඩ නඟා ගෙන සිටි ප්‍රතිරූපය ඔහුට වඩා බොහෝ ඉහළින් රඳවා ගැනීමට සමත්ව ඇත.යාරොස්ලෝවා ද යුක්රේනයෙ යුද ගිණි මැදින් පැමිණ ලෝකයේ ඉහළම පිම්ම මැන උස පැනීමේ ලෝක වාර්තාව මීටර් 2.10 දක්වා ඔසවා තැබීමට තරම් දක්ෂ වී ඇත.


සාමාන්‍යයෙන් ඩයමන්ඩ් ලීග් තරග පැවත්වෙන්නේ චීනයේ ෂියාමෙන් හිදී සහ ෂැංහයි හි වුවත් මෙවර ෂැංහයි තරගය මැයි 3 වන දින කොකියාඕ හී දී පැවත්වීමට තීරණය වී ඇත.ෂියාමෙන් තරගය සුපුරුදු පරිදි එහි පැවත්වෙන අතර ඩයමන්ඩ් ලීග් තරගාවලිය අප්‍රේල් 26 ඇරඹෙන්නේ එම තරගාවලියෙන්ය.
ඉකුත් වසරම ආබාධවල ආක්‍රමණය නිසා සිය ඉලක්කවලට යාමට අපොහොසත් වුව ද,පිරිමි මීටර් 400 කඩුලු ලෝක වාර්තාව දරන නෝර්වේ කාර්ස්ටන් වෝර්හෝම් ද මෙවර චීනයේ තරගවලට එක් වීමට නියමිතය.වෝර්හෝම් ඔහුගේ ලෝක වාර්තාව වන තත්පර 45.94 දක්වා නොගිය ද,ආබාධ මැද වුව ඔලිම්පික් රිදී පදක්කම දිනා ගන්නට පැරිසීයේදී සමත් විණ.


පැරිසියේදී මීටර් 110 කඩුලු පැනීමේ ඔලිම්පික් සූරතාව දිනූ සහ ලෝක සූරතාවයේදී ද 110 කඩුලු පැනීමේ ශූරතාවය දිනා සිටින ග්‍රාන්ට් හොලෝවේ,ද ෂියාමෙන් හී ක්‍රීඩා කරනු ඇත.මේ සිව්දෙනා අතරින් ග්‍රාන්ට් සහ යාරොස්ලෝවා චීනයේ තරග වඳින්නේ පළමු වතාවටය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...