හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද එහෙම කපන්න බෑ – පත් කළ කමිටුව ජනපති අනුරට දැනුම් දීලා !

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද හා ප්‍රතිලාභ කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධා ඇතැයි ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කිහිපයක් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කටයුතු කළ නොහැකි යැයි එම කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ප්‍රබලයින් ජනතාවට පොරොන්දු දී තිබුණේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව පැය 24ක් තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද අහෝසි කරන බවට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...