ආණ්ඩුකාර හනීෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව මුදාහරින ලද බහාලුම් 323 සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් තමන්ට එල්ල වෙන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් අද (ජනවාරි 30) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී අපට තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ. ඒ නිසා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දරාගන්න බැරි නිසා මම මේ පැමිණිල්ල කළා. පැරදුණ කණ්ඩායමක්, ජනතාවගෙන් ඈත්වුණ කණ්ඩායමක් නැවත නැවත වැඩකරන අයට විරුද්ධව මේ විදියට චෝදනා එල්ල කරද්දී විශාල කණගාටුවක් තියෙනවා. ඒ නිසා මම CID එකෙන් ඉල්ලනවා මේ ගැන නිවැරදි විමර්ශනයක් කරන්න කියලා”

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...