ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතාකරන්න රනිල් විපක්ෂ කණ්ඩායම් කැඳවයි!

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (30) පස්වරුවේ කොළඹදී විපක්ෂයේ කණ්ඩායම් සාකච්ජාවක් පවත්වා තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සාකච්ජාව කැඳවා තිබුණු බවයි ඊට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසුවේ.

කෙසේවෙතත් ඔහු පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේදී කටයුතු කළේ දිලිත් ජයවීර මහතා නායකත්වය දරන සර්ව ජන බලය සමඟ එක්වය.

වත්මන් ආණ්ඩුව විසින් දියත්කර තිබෙන අනුකම්පා විරහිත රුදුරු මර්දනයට ජනතාව මෙන්ම නිලධාරීන්,දේශපාලකයින් එකසේ මුහුණ දෙමින් සිටින බවටයි එහිදී ගම්මන්පිල මහතා පැවසුවේ.

මෙයට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් උක්ත සාකච්ජාව පවත්වා තිබුණි. මේ අතර එම සාකච්ජාව සාර්ථක බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

රට අදුරෙන් අදුරට යමින් තිබෙන මොහොතක ඉන් රට බේරාගැනීමට අතීත කෝන්තර අදාලම නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම සාකච්ජාවට රත්නායක, වජිර අබේවර්ධන,ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක,කංචන විජේසේකර,ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු සිලින්ඩරයට සහ දැක්වූ පිරිස් මෙන්ම සමඟි ජන බලවේගයට සහය දෙමින් සිටින මනෝ ගනේෂන්,පලනි දිගම්බරන් යන හිටපු මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...