සටහන – රුවන් නෙළුගොල්ල
LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ කථන චලනයන් අනුකරණය කරමින්, AI තාක්ෂණය උපයෝගී කර සෑදූ ව්‍යාජ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙම ව්‍යාජ වීඩියෝවල අන්තර්ගතයන් LOLC ආයතනය හෝ එහි නිලධාරීන් විසින් නිකුත් කළ නොවන ඒවා බවයි එම සමාගම සඳහන් කරන්නේ.
ඒ අනුව, මෙවැනි අන්තර්ගතයන් සමග සම්බන්ධ නොවන ලෙසත් ඒවා බෙදාහැරීමෙන් වළකින ලෙසත් LOLC සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



