කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

Date:

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පවසයි.

මේ සම්බන්ධයෙන් අජිත් නාරගල සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

“අද දින 2026.01.29 දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය (Lotus office)පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.මේ උත්සවයට සහභාගී වීම සදහා දේශ්පාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී විය.මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිං පොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි.තවද එහිදී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබෙනු නිරීක්ෂණය කළෙමි.මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියකි.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්,මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාන්ගේ විශිෂ්ට ඉණිමක් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්,එහෙත් අවසාන පූර්ව තරගය අවිනිශ්චිතයි

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර...

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා...

යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අසාදුලේඛන ගත කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...