*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තුන්දෙනාටම කේස්, මට විතරයි කේස් නැත්තේ – පොලිස්පති තවත් අවුරුද්දක් ඉල්ලයි !

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාගැනීමට මේ දිනවල දැඩි වෑයමක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

පොලිස්පතිවරයා ලබන මාසයේදී විශ්‍රාම යාමට නියමිතව සිටී. ඉදිරි වසරටත් සේවා දිගුවක් ලබාගැනීම සඳහා ඒ මහතා බලධාරීන් වෙත අපූරු තර්කයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ, පොලිස්පති තනතුර සඳහා තමන්ට පහළින් සිටින නිලධාරීන් තිදෙනාටම මේ වනවිට විනය පරීක්ෂණ කැඳවා ඇති බැවින් පොලිස්පති තනතුරට සුදුස්සෙක් නොමැති බවට ය.

වික්‍රමරත්න මහතාට පසුව පොලිස්පති තනතුර ලැබීම සඳහා ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි. ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. ඊළඟට සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකර ඇත්තේ පසුගිය අරගල සමයේ සිදුවීමකට අදාළව ලැබුණු අධිකරණ නියෝගයක් අනුව ය. ඊළඟ ජ්‍යේෂ්ඨයා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කලකට ඉහත විමර්ශනයක් සිදුකර ඇති බව පොලිස්පතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව, තමන්ට පහළින් සිටින නිලධාරීන් තිදෙනාම මේ වනවිට පොලිස්පති ධුරය ලබාගැනීමට සුදුසු නැති බැවින් තවත් වසරක් සඳහා තමන්වම පොලිස්පති තනතුරේ තබන්නැයි සී. ඩී. වික්‍රමරත්න මහතා බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්යය නිවාඩු යැවූ අවස්ථාවේ වැඩබලන පොලිස්පති වශයෙන් සී. ඩී. වික්‍රමරත්න මහතාව පත් කෙරුණු අතර 2020 නොවැම්බර් මාසයේදී ඒ මහතාව පොලිස්පති වශයෙන් ස්ථිරවම පත් කෙරිණි. ඒ අනුව ඒ මහතා මේ වනවිට වසර තුන හමාරකට අධික කාලයක් පොලිස්පති පුටුවේ ගතකර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan