දැඩි හිම කුණාටුවෙන් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය අයහපත්

Date:

දැඩි හිම කුණාටුවක් නිසා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දැඩි අයහපත්කාලගුණික තත්වයකට ලක්ව ඇත.කුණාටුව පැමිණීමට පෙර ප්‍රාන්ත පහක් හදිසි අවස්ථා ප්‍රකාශ කරන්නට වූ අතර, සමහර ප්‍රදේශවල දැඩි හිම සහ සුළි කුණාටු සහිත සුළං තතිවය පිළිබඳව මේ වන විටත් නිවේදනය කර ඇත.

සමහර ස්ථානවල මම පෙර නොවූ විරූ හිම පතනය ගැන විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර,ඒ සමග බලපෑ එකී කලාපයේ වෙරළ ආසන්නයේ ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.සෙනසුරාදා උදෑසන වන විට මැසචුසෙට්ස් හි නිවාස 80,000කට වැඩි ප්‍රමාණයක් විදුලිය ඇනහිටීම්වලට ලක් වි තිබේ.සෙනසුරාදා අලුයම එරටට බල පෑ අතර දැනටමත් ප්‍රාන්ත ගණනාවක් පුරා හිම පතනය අඟල් ගණනක් වැසී ගි ගොස් ඇත.කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ නොර්ඊස්ටර් ලෙස හඳුන්වන මෙම කුණාටුව බොස්ටන් ප්‍රදේශය අඩි 2 (සෙන්ටිමීටර 61) දක්වා හිම වලින් වැසී යාමට ඉඩ ඇති බවයි.

කාලගුණික බාධා කිරීම් හේතුවෙන් සති අන්තය පුරා එක්සත් ජනපද ගුවන් ගමන් 5,000 කට අධික ප්‍රමාණයක් ද අවලංගු කර ඇත.ප්‍රවීණයන් පවසන්නේ මෙම කුණාටුව bombogenesis ලක් වනු ඇති බවයි. එයින් අදහස් කරන්නේ ශීතල වාතය උණුසුම් මුහුදු වාතය සමඟ මිශ්‍ර වීම සිදුවන අතර එය වායුගෝලීය පීඩනය වේගයෙන් පහත වැටීමට හේතු වන බවයි. 1970 දශකය වන විට, “පුපුරන සුලු සුළි කුණාටුව” සහ “කාලගුණික බෝම්බ” යන නාමික යෙදුම් පවා මෙම ක්‍රියාවලියට භාවිතා කරන්නට විය.

බොස්ටන්හි ජාතික කාලගුණ සේවය (NWS) අනතුරු ඇඟවූයේ ජනපදිකයින් සිය “සංචාරයන් හදිසි අවස්ථා සඳහා පමණක් සීමා කළ යුතු“ බවයි.

SAHAN HEWAGAMAGE – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...