මහින්දගේ සල්ලිවලට ඔයිට කලිනුත් විදලා …

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් ගිණුමකින් ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර විසින් මුදල් ඇදීමේ කතාව තවමත් මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ කතාබහකදී අගමැතිවරයා සිය හිතවතුන් සමග පවසා ඇත්තේ තමන්ගේ ගිණුමකින් මුදල් සොරකම් කෙරුණු පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට දශක දෙක හමාරකට – තුනකට ඉහතදී හම්බන්තොට උසාවියෙහි සේවය කළ, සමීප හිතවතෙකු වූ නීතීඥයෙකු ද මේ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් මුදල් ඇද ඇත.

ඒ, චෙක්පත් මාර්ගයෙනි. මහින්ද රාජපක්ෂ මහතා දැඩි විශ්වාසය මත තම චෙක්පොත අත්සන් කර එකී නීතීඥවරයා සන්තකයෙහි තබා ඇති අතර එක් අවස්ථාවක චෙක්පතක් බැංකුවෙන් අගරු කළ පසුව කළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ එම නීතීඥවරයා බැංකු ගිණුමේ තිබුණු මුදල් ලබාගෙන ඇති බවකි.

අදාළ නීතීඥවරයා මේ වනවිට අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ පුත්‍රයා දැනට නාමල් රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයෙහි සේවය කරන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික...

ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක්...

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...