ජනවාරි 30 නිර් ප්‍රචණ්ඩත්වය හා සාමය පිළිබඳ පාසැල් දිනය වෙනුවෙන් මහින්දගෙන් ඉල්ලීමක්

Date:

මිතුරනි, සගයනි , කරුණාකර මේ දිනය පිළිබදව විශේෂ අවධානයක් යොමුකර මේ සම්බන්ධයෙන් අපේ අධ්‍යාපන ක්ෂෙත්‍රයේ හා සමාජය තුළ කතිකාවතක් ඇති කරවනු මැනවි .

පාසැල් තුළ සාමය පුබුදු කරවීම සදහා ( එමගින් මෑත අනාගතයේදීම සමස්ත සමාජයම ප්‍රචණ්ඩත්වයෙන් මුදා ගැනීම් වස් ) පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වූ අපේ දරුවන් , උදෑසන ඇමතීම්/,ශිෂ්‍ය පාර්ලිමේන්තු/,පාසැල් සමිති සමාගම් / පන්ති කාමර තුළ සාකච්ඡා කිරීම් යනාදිය මගින් හා හැකි සියළුම ක්‍රම මගින් දැනුම්වත් කිරීමට කුියා කරන ලෙස සියළුම අධ්‍යාපන බලධාරීන් ගෙන් , විද්‍යා පීඨ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙන්, විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන් ගෙන් , රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් හා ගුරුවරියන් ගෙන් මෙන්ම උපකාරක පන්ති( ටියුෂන් ) ගුරුවරුන් හා ගුරුවරියන් ගෙන් යනාදී සැම දෙනාගෙන් ඉතා ඕනෑ කමින් හා කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ .

2018 දී සිට අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ/ අධ්‍යාපන දෙපාර්තමේන්තු ( මැතිවරණ කොමිෂන් සභාවේද සහාය ඇතිව ) නිලවශයෙන් මේ දිනය සැමරීමට ක්‍රියා කළ නමුත් කොරෝනා උවදුර හේතුවෙන් මෙම කාර්යය පසුගිය වර්ෂයේදී මේ කාර්යය ඒ අයුරින් සිදුකිරී මග හැරෙන්නට ඇතැයි හඟිමි .

නිර් ප්‍රචණ්ඩත්වය හෙවත් අවිහිංසාව හා සාමය පිළිබඳව දැනුම්වත් කිරීම් වස් නිවසේදී හා හැකි සෑම ස්ථාන⁣යකදීම විශ්ව විද්‍යාල , ස්වකිය කාර්යාල හා සේවා ස්ථානවලදී දරුවන් , සහෝදර සහෝදරියන් , හා ඥාති මිත්‍රාදීන් හා සහායකයන් සමග මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලෙස අපේ මිතුරන් හා සගයන් ගෙන් සහෝදරත්වයෙන් හා මිත්‍රත්වයෙන් ඉල්ලා සිටිනු ලැබේ ,.

මේ වැඩ සටහන් ,දැනුම්වත් කිරීම් හා අදහස් බෙදා ගැනීම් මගින් නිර් ප්‍රචණ්ඩත්වය හෙවත් අවිහිංසාව හා සාමය පිළිබදවද සහකම්පනය පිළිබඳවද අපගේ සමාජය නිසි ලෙස දැනුම්වත් වී සමාජය තූළ එම කරුණු අගයන් ලෙස ස්ථාපිත වූයේ නම් පාසැල් දරුවන් තුළ හා එමගින් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය අවම වනු ඇත . එසේවකරන්නේ නම් මෑතදී කොළඹ සිදුවූ 17 හැවිරිදි ටික් ටොක් යව්වනයා ඝාතනය වීම හා පාසැල් සිසුන් ඇතුළත් ඔහුටත් වඩා බාල යව්වනයන් ( 12-16 ) සිවු දෙනකු එහි සැකකරුවන් වීම මෙන්ම වෙනත් ප්‍රදේශයකදී ඕඩිකොලොන් හා බේබි සෝප් සොරා ගැනීමේ හේතුව මත පුද්ගලයකු සමූහ පහර කෑමට බියෙන් සිය දිවි හානි කර ගැනීම වැනි සිද්ධි වළක්වා ගත හැකිය . .එපමණක් නොව පාස්කු දින බෝම්බ ප්‍රහාරය හා ඉන් අනතුරුව වූ ප්‍රචණ්ඩ සිදුවීම් වළක්වා ගත හැකිව තිබිණි.

නිර් ප්‍රචණ්ඩත්වය , සාමය ,සහකම්පනය ඇති සමාජයක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මහා වෙහෙසක් දැරිය යුතු නොවේ .

School day of non violence and peace යන්න ගූගල් මගින් සොයා බැලීමෙන් මේ දිනය පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකිය .

පහත දැක්වෙන පින්තූර, නිර් ප්‍රචණ්ඩත්වය හා සාමය පිළිබඳ දිනය වෙනුවෙන් 2019 වසරේදී මැකොස විසින් අධ්‍යාපන බලධාරීන් හා එක්ව,පාසැල් ප්‍රජාව දැනුම්වත් කිරීම් වස් නිකුත් කළ පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදී.

  • මහින්ද දේශප්‍රිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...