එජාපය සමඟියට එකතු කරගැනීමේ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මකයි – තිස්ස (VIDEO)

Date:

සමඟි ජන බලවේගය හැම විටම විවෘත අතර මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් දරන සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිටගමු යන්න යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳ වැටීම සමාජය තුළ බරපතල ලෙස තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිසා හැම විටම එකට එක්ව වැඩකළ යුතු වන අතර එක්සත් ජාතික පක්ෂයට ද මෙය විවෘත නමුත් ප්‍රශ්නය වන්නේ එජාපයේ ඇතැම් නායකයන්ගේ ක්‍රියාකලාපය බවද අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ වන විට බිම් මට්ටමේ සිටින එජාප ක්‍රියාකාරිකයින් සමඟියට එකතු කරගැනීමේ ව්‍යාපාරයක යෙදෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේ වෙනසක් ?

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි...

ඩේසි ආච්චිගේ රෝගී තත්වයන් ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...