නිත්තවෙලදී සීඑච් කණ්ඩායමට මහනුවරින් දැඩි ප්‍රහාරයක්

Date:

මෙවර රගර් පරිපාලනය විසින් සංවිධානයට උර දී ඇති අභියොගාත්මක රගර් ලීගයේ මහනුවර කණ්ඩායමේ දෙවන ජයග්‍රහණය නිත්තවෙලදී වාර්තා වුණේ කොළඹ සීඑච්ඇන්ඩ්එෆ්සී කණ්ඩායමට එරෙහිවයි.තරගයේ පළමු භාගය මහනුවර කණ්ඩායම ඇඟ උණුසුම් කර ගැනිමට වෙන් කළ කාලයක් සේ පෙනෙන්නේ ඔවුන් දෙවන භාගයේදි සීඑච් කණ්ඩායමට එල්ල කළ දැඩි ප්‍රහාරය නිසයි.

පළමු භාගය නිමා වන විට ලකුණු 6 – 3 ක් ලෙස පෙරමුණේ සිටි මහනුවර දෙවන භාගයේදි ලකුණු 33 ක් තම කණ්ඩායමට එක් කර ගත්තේ සීඑච් කණ්ඩායමට කිසිඳු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබමින්.එහිදි තරින්ද රත්වත්තගේ දක්ෂතාවය ඉතා ඉහළින් කැපි පෙණුනා.ඔහු උත්සාහක දිණුම් තුනක් සමඟ මහනුවර කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් පහෙන් හතරක්ම පරිවර්ථන බවට පත් කරන්නටත් සමත් වුණා.එසේම දඬුවම් පහර දෙකකින් ඔහු මහනුවර ලකුණු පූවරුව පොහොසත් කළා. ශ්‍රිනාත් සූරියබණ්ඩාර මනරම් උත්සාහක දිණුම් දෙකක් වාර්තා කළා.

දෙවන භාගයේ මහනුවර කණ්ඩායම ක්‍රියාත්මක කළ ලකුණු යන්තරය ගැන ප්‍රසිද්ධ වෙද්දි ඒ ජයග්‍රහණයේ පරතරය ඒ ආකාරයෙන් තබා ගන්නට මහනුවර කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දැක් වූ දායකත්වය නොපෙනි යාම අවාසනාවන්තයි.ඔවුන් සීඑච් කණ්ඩායම උත්සාහක දිණුම් ආසන්නයටම පැමිණි අවස්ථා දෙකකදීම ඒ උත්සාහයන් ව්‍යර්ථ කරා.ක්තිවන්තව සහ උපක්‍රමිකව මහනුවර ආරක්ෂක පෙ මේ ජයග්‍රහණයේ විශාලත්වය වැඩි කරන්නට ලකුණු රැස් කිරීම වගේම දායකත්වයක් ලබා දීමත් අගය කළ යුතු වෙනවා.

සිඑච් කන්ඩායම ලබා ගත් එකම උත්සාහක දිණුමේ හිමිකාරීත්වය තේනුක නානායක්කාරට හිමි වුණා.ජනවාරි 30 දා පසවරුවේ මහනුවර කණ්ඩායම ඔවුන්ගේ කුසලතාවය යළිත් සනාත කරමින් මෙවර ලීග් සූරයන් විමට ඔවුන්ට ඇති අවස්ථාව ගැන මේ ජයග්‍රහණය හරහා මතු කර පෙන් වූයේ අනෙකුත් කණ්ඩායම්වලට සිය තරඟ සැළසුම් දැඩි කර ගැනීමේ අවවාදය ද ලබා දෙමින්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...