බෙලිඅත්ත වෙඩිතැබීමේ සිද්ධියේ තවත් සැකකාරින් දෙදෙනෙක් පොලිස් දැලේ!

0
250

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ,බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.