ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි iTFA තුරන් කිරීමේ පිළිවෙත!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කාර්මික වශයෙන් නිපදවන ට්‍රාන්ස් මේද හෙවත් iTFA තුරන් කිරීමේ පිළිවෙත් අනුගමනය කිරීම සඳහා රටවල් පහකට සිය ප්‍රථම සහතික පත් ප්‍රදානය කරන ලදී.

“රටවල් 53 ක් දැන් ආහාර වල iTFA මැඩලීම සඳහා හොඳම ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති අතර, මීට වසර 5 කට පෙර 6% ට සාපේක්ෂව බිලියන 3.7 ක ජනතාවක් හෙවත් ලෝක ජනගහනයෙන් 46% ක් සඳහා ආහාර පරිසරය විශාල වශයෙන් වැඩිදියුණු කර තිබේ.

මෙම ප්‍රතිපත්ති මඟින් වසරකට ආසන්න වශයෙන් 183 000 පමණ ජීවිත බේරා ගැනීමට අපේක්ෂා කෙරේ.

“ට්‍රාන්ස් මේදයට සෞඛ්‍ය ප්‍රතිලාභයක් නොමැති නමුත් විශාල සෞඛ්‍ය අවදානමක් ඇතැයි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

2018 දී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2023 වන විට ගෝලීය ආහාර සැපයුමෙන් කාර්මිකව නිපදවන ට්‍රාන්ස් මේද ඉවත් කිරීමට මුලපිරීමක් දියත් කරන ලදී.

ට්‍රාන්ස් මේද ප්‍රතිපත්ති නිරීක්ෂණය කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ සිටින ඩෙන්මාර්කය, ලිතුවේනියාව, පෝලන්තය, සෞදි අරාබිය සහ තායිලන්තයට සුභ පැතුම් එක් කරමින් ඔවුන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනෙකුත් රටවලින් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...