පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගෙන් විශේෂ නිවේදනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): කුමන තරාතිරමේ අයකු විසින් පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලබන , මාගේ සේවා කාලයට පෙර හෝ සිදුකරනු ලැබ ඇති ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට කිසිසේත් පසුබට නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එම නිවේදනය පහත සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට 2022 වසරේ හා ඊට පෙර හිරිහැරවූ බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස පත්වීමෙන් පසුව මා වෙත වාර්තා වූ අතර ඒ අනුව ගරු කථානායකවරයාගේ උපදෙස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය සදහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කෙරිණි.

එම විමර්ශන කමිටු වාර්තාව පසුගියදා මා‍ වෙත ලැබුණු අතර එ් සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා එය ගරු නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. එකී වාර්තාව අධ්‍යයනය කරන ලද ගරු නීතිපතිතුමා සිද්ධිය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ලක් වාර්තා කිරීම අවශ්‍ය බවට උපදෙස් දෙන ලදී.

මේ අනුව අදාළ වාර්තාව මා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශන අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මා විසින් පත් කරන ලද කමිටු වාර්තාව ගරු නීතිපතිතුමා වෙත යොමු කරනු ලදුව එතුමාගේ උපදෙස් අනුව පොලිස්පතිතුමා වෙත යොමුකර ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකළ විමර්ශන අනුව වේ.

පාර්ලිමේන්තුව තුළ කුමන තරාතිරමේ අයකු විසින් සිදුකරනු ලබන හෝ මාගේ සේවා කාලයට පෙර හෝ සිදුකරනු ලැබ ඇති ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට මා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය කිසිසේත්ම පසුබට නොවන බවත්, ඒ සදහා ගරු කථානායකතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන බවත් වැඩි දුරටත් සදහන් කරනු කැමැත්තෙමු.

කුෂානි රෝහණදීර,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය