හිටපු ජනාධිපතිලාගෙ වරප්‍රසාද කපන්න ව්‍යවස්ථා වෙනසක් නොකර කළ හැකි සියල්ල කරනවා – බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකින් තොරව කළ හැකි සියල්ල සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“ව්‍යවස්ථාවෙ වෙනසක් නොකර කරන්න පුළුවන් ටික තියෙනවානෙ, ඒ ඔක්කොම ටික කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා රජයට අයත් විශාල බංගලා දෙකක් එකට එකතු කරලා අතිවිශාල වියදමක් කරලා හැදුවා, ඒකෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ හරය මම කියන්නම්, සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අතරින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පමණක් නිවසක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි. එම නිසා එම වරප්‍රසාදය හැකි තරම් සීමා සහිතව අදාළ කරගත යුතුය. කැබිනට් එකේ මුලසුන දරමින් තමාගේම විශ්‍රාමික නිවස තෝරාගැනීම නීතිවිරෝධී වේ. උචිත නිවසක් යන්නට අතිවිශාල මුදලක් රජයෙන් යොදවා නවීකරණය කරන ලද විශාල ඉඩමක් සහිත නිවසක් අදාළ නොවේ. ව්‍යවස්ථාව සංශෝධනය නොකර කරන්න පුළුවන් විදිහ ශ්‍රේෂ්ඨාධිකරණය මග පෙන්වලා තියෙනවා. එනිසා අපි නාමල් වගේ ගොඩ පෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්නෙ නෑ”

ප්‍රශ්නය – ගෙවල් ටික ගන්නවා ?

“ගන්නවා, ගන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ දැන් දීලා තියෙන ගෙවල් ටික ඔක්කොම ගන්නවා ?

“එක්කො රුපියල් 33,000ක් දෙනවා. 97,000යි නෙ පඩිය. නැත්නම් එයාට ගෙයක් තෝරාගන්න ඕනෙ. මේ යන්න කියලා කියන්නෙ. ලැජ්ජා නැතිව යන්න”

අමාත්‍ය බිමල් රත්නායක මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 30) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...