තද වැසි සහ තද සුළං – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමක් !

Date:

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇති වියහැකි අතර වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇති වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම නැගෙනහිර, ඌව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව්, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මි. 50 – 60 පමණ තද සුළං බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...