225 දෙනාම බදුවලට යටත්, 2024 දී ධන ආර්ථිකයක් කරා යනවා: මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Date:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ,රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම බදුවලට යටත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2023 වසර තුළ 3.5%ක ඍණ ආර්ථිකයක් බලාපොරොත්තු වන බවත් 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඒ පිළිබඳපැවසූ ඒ මහතා,

“මේ වගේ බැරෑරුම් තත්ත්වයකට අපට ආදායම් අඩුකර ගැනීමත් එක්ක මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ආපහු උත්සාහ කරන්නේ, අලුත් බදු ගැන කතා කරන බොහෝ දේවල් තිබුණ දේවල්මයි. උපයනවිට බද්ද 2018 දීත් තිබුණ බද්දක්. අපි දැන් නැවත හඳුන්වා දීලා තියෙනවා. යම් ප්‍රමාණයක් වැඩියි තමා අපිත් පිළිගන්නවා. හැබැයි තිබුණ බද්දක්. වැට් එකත් එහෙමයි. 15% තිබිලා 8%ට අඩු කළා. දෙවතාවකට අපි නැවත 15% දක්වා වැඩි කරලා තියෙනවා. රටේ බදු ආදයම බිලියන 1,800යි. පාඩු ලබන ආයතනවල අලාභය බිලියන 950යි. භාගයක් අපිට යොදන්න වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්න. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 619ක් අලාභයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය බිලියන 129යි. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 151යි.

ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය අවශ්‍යයද නැද්ද කියන එක ඉතාම පැහැදිලියි. ණය ගත නොහැකි නම්, මුදල් මුද්‍රණය ප්‍රතිපත්තියක් විදියට යොදන්නේ නැත්නම් කුමක් ද විකල්පය. සමහර අය මගෙන් අහනවා 225ටත් මේක ගහනවා ද කියලා. ඔව් 225ටත් ගහනවා. ඒ අයගේ සියලු දීමනාවලට මේක එකතුවෙනවා. එතැනින් එහාට විසඳුමක් හොයන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ දී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි අපිට තිබුණ එකම මාර්ගය. ඒ රටවල් අපිට ඒ සහනය දෙන්න නම්, හැම රජයක්ම බලාපොරොත්තු වෙනවා එවැනි කැපකිරීමක් විදේශ රටක ඉන්න අපි වෙනුවෙන් දරනවා නම් ඔවුන්ගේ ජනතාවගේ බදු මුදලින් අපිත් යම් ආකාරයක වගකීමක් කැපවීමක්, දරාගැනීමක් මේකෙන් කරාවි කියලා. අපි මේකට කිසි සුදානමක් නැතුව අපේ බර දරන්න ඔවුන් සුදානම් නෑ. අපි මුහුණදීලා තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැතිව විසඳා ගන්න ක්‍රමයක් තිබේ ද? ඒ වගේම IMF එකත් එක්ක ඇති කරගන්න උත්සාහ කරන එකඟත්වය ඇති කර නොගත්තොත් අපි මුහුණදෙන තත්ත්වය කුමක් ද? 2022 ජූනි, ජූලි, අගෝස්තුවල ජනතාව වින්ඳ අපහසුතාවය. මීට එහා ගිය තත්ත්වයකට තමා අපිට මුහුණ දෙන්න වෙන්නේ”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...