ආසියාව දිනූ අයට කැබිනට් පත්‍රිකා පමණද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 31 කොළඹ (LNW): ආසියානු ක්‍රීඩා උළෙලේ දී සහ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක් වූ අයට කැබිනට් පත්‍රිකා මඟින් මුදල් ලබා දීමට දෙවන වරටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනවා.ක්‍රීඩා අරමුදලේ මුදල් නොමැතිකම නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද මීට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව පැවසූ අතර මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාත් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා.එසේම හිටපු අමාත්‍යවරයා සංගීත ප්‍රසංගයක් ද ක්‍රීඩා අරමුදල තර කිරීමට සූදානම් කළ බව කීවත් එයින් කුමන ලාභයක් ලැබුණේ ද යන්න වාර්තා වුණේ නැහැ.


ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ මලල ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි.එම ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ප්‍රදානයක් සිඳු කරන්නට කටයුතු සිදු කරනු ලැබුවා.පළමුව මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ සියයක් පිරිනමන්නට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව අප වෙබ් අඩවිය විසින් දක්වන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර පදක්කම්ලාභි ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන් දෙදෙනෙකුට ද ලැබෙන සේ තවත් රුපියල් ලක්ෂ 180 ක මුදලක් ගෙවීමට කටයුතු කරා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...