මහ කන්නයේ වී මිලදී ගැනීම ගැන මුදල් අමාත්‍යාංශය ගත් තීරණය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇති අතර, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බව , කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකි බව සඳහන් වේ.

මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.ඒ, මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුවයි. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇත.

එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ අතර, මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...