වැඩිවන තරඟකාරීත්වය හමුවේ PayPal රැකියා 2,500ක් කප්පාදු කරයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩිජිටල් ලෝකයේ දැවැන්තයෙකු වන PayPalහි විධයක නිලධරී ඇලෙක්ස් ක්‍රිස් රැකියා 2,500 ක් හෝ එහි ගෝලීය ශ්‍රම බලකායෙන් 9% ක් කපා හරින බවට නිවේදනය කර ඇති බව වර්තා වේ.

Apple, Zelle සහ Block වැනි ප්‍රතිවාදීන්ගෙන් වැඩිවන තරඟයකට මුහුණ දෙන PayPal නව රැකියා කප්පාදුව මගින් මාස 12 තුළ 20%කට වඩා පහත වැටී ඇති සමාගමේ කොටස් මිල යළි පණ ගැන්වීම හා කෘතීම බුධිය මත පදනම්ව වියදම් අඩු කරගැනීමට බලාපොරොත්තු වේ.

තාක්ෂණ කර්මාන්තයේ රැකියා කප්පාදුව නිරීක්ෂණය කරන Layoffs.fyi වෙබ් අඩවියට අනුව, පසුගිය වසරේ මෙම අංශයේ රැකියා 260,000 කට වඩා අහිමි කර තිබේ.

පසුගිය මාසය තුළදී, මෙටා, ඇමේසන්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, ටික්ටොක් සහ සේල්ස්ෆෝර්ස් ඇතුළුව තාක්ෂණික සමාගම් 100 කට ආසන්න ප්‍රමාණයක් රැකියා 25,000 ක් කප්පාදු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...