වැඩිවන තරඟකාරීත්වය හමුවේ PayPal රැකියා 2,500ක් කප්පාදු කරයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩිජිටල් ලෝකයේ දැවැන්තයෙකු වන PayPalහි විධයක නිලධරී ඇලෙක්ස් ක්‍රිස් රැකියා 2,500 ක් හෝ එහි ගෝලීය ශ්‍රම බලකායෙන් 9% ක් කපා හරින බවට නිවේදනය කර ඇති බව වර්තා වේ.

Apple, Zelle සහ Block වැනි ප්‍රතිවාදීන්ගෙන් වැඩිවන තරඟයකට මුහුණ දෙන PayPal නව රැකියා කප්පාදුව මගින් මාස 12 තුළ 20%කට වඩා පහත වැටී ඇති සමාගමේ කොටස් මිල යළි පණ ගැන්වීම හා කෘතීම බුධිය මත පදනම්ව වියදම් අඩු කරගැනීමට බලාපොරොත්තු වේ.

තාක්ෂණ කර්මාන්තයේ රැකියා කප්පාදුව නිරීක්ෂණය කරන Layoffs.fyi වෙබ් අඩවියට අනුව, පසුගිය වසරේ මෙම අංශයේ රැකියා 260,000 කට වඩා අහිමි කර තිබේ.

පසුගිය මාසය තුළදී, මෙටා, ඇමේසන්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, ටික්ටොක් සහ සේල්ස්ෆෝර්ස් ඇතුළුව තාක්ෂණික සමාගම් 100 කට ආසන්න ප්‍රමාණයක් රැකියා 25,000 ක් කප්පාදු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...