වයසට යාම අවසන් වේද..? තරුණ කම රැකගන්න ඖෂධයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා විසින් වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් සොයාගෙන ඇත.

මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසන්නේ, වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකි වනු ඇති බවයි.

මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාඛ සාර ආශ්‍රයෙන් බවත් එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත්, කෙනකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම යැයිද ඒ මහතා පවසයි.

මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා තමා ඇතුළු කණ්ඩායමට වසර හතරකට වැඩි කාලයක් ගත වූ බවත් මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවත්, ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ආදිය සිදු කෙරෙන බව කියා සිටී.

මේ වන විට මහාචාර්ය සමීර මහතා ඇතුළු කණ්ඩායම විසින් සොයා ගත් පිළිකා රෝගීන් හට දෙනු ලබන පෝෂක ඖෂධය සහ හිසකෙස් යාම වළක්වන තෛලය ලොවපුරා බෙහෙවින් ජනප්‍රියව පවතින බව ද මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...