පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි. කොන්දේසි හා තීරුබදු මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වනදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2025 අංක 01 දරණ ආනයන අපනයන (පාලන) රෙගුලාසි හා ඒ යටතේ සිදුකරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදි මෙම තහනම ඉවත් කරන බවයි.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා මෙතැනින් යොමුවන්න ….

එසේම වාහන ආනයනයට අදාළව කොන්දේසි 09ක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පනවා තිබේ.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස්කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම කොන්දේසි පනවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම මෝටර් රථ ආනයනයේදී දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරයක් සමග රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු 30%ක ප්‍රමාණයක් අයකෙරෙන බවත් නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...