මාලිමා ආණ්ඩුව ගෙනියන්න යූටියුබ් ක්‍රියාකාරිකයින් දෙන්නෙක් ගහගනී ! (VIDEO)

රංගන ශිල්පියකු සහ යූටියුබ් ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි තමන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කළ බව තවත් යූටියුබ් ක්‍රියාකාරිකයකු වන ලාල් පෙරේරා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සුදත්ත තිලකසිරි මේ ආකාරයෙන් චන්ඩියෙකු මෙන් හැසිරෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් ඔහුට පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති නිසා බවත් ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදීම ජාතික ජන බලවේගයටම නින්දාවක් බවත් ය.

ලාල් පෙරේරා තමන්ට සුදත්ත තිලකසිරි බැනවැදුණු ආකාරය දැක්වෙන අසභ්‍ය වචන පිරි හඬපටයක් ද යූටියුබ් වීඩියෝවක පළකර ඇත.

මේ දෙදෙනාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉතාම කැපවීමෙන් කටයුතු කළ යූටියුබ් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වීම ද විශේෂත්වයකි. ඒ අනුව මේ දෙන්නා මෙතරම් රණ්ඩු සරුවල් වෙමින් දඟළන්නේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමටත් එය පවත්වාගෙන යාමටත් විය යුතුය.

හාල් ප්‍රශ්න, පොල් ප්‍රශ්න, ලුණු ප්‍රශ්න, සභාපතිලා ඉල්ලා අස්වෙන ප්‍රශ්නවලට මැදිවී සිටින ආණ්ඩුවට මදි පාඩුවකට තිබුණු සුදාලාගේ – පානදුරේ ලාල්ලාගේ යූටියුබ් රණ්ඩුත් දැන් විසඳන්නට වී ඇති සෙයකි.

(වීඩියෝවේ අසභ්‍ය බැනවැදීම් ඇති බව කරුණාවෙන් සලකන්න)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...