*
Saturday, February 1, 2025
spot_img

Latest Posts

ඔලිම්පික් මුල් පුටුවට තරග වඳින සත් දෙනා එකට හමුවීම

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01,(LNW)කොළඹ :

වත්මන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති (IOC) තෝමස් බැච්ගෙන් පසු එම තනතුර දැරීම සඳහා සුදුසුකම් ලැබීමට තරග වඳින අපේක්ෂකයෝ හත් දෙනා ඉකුත් බ්‍රහස්පතින්දා, ස්විට්සර්ලන්තයේ ලෝසාන් හිදී ඔවුන්ගේ ප්‍රධාන ඡන්දදායකයින් 100 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ පෙනී සිටියහ. ග්‍රීසියේ ඇතන්ස් හි දී මාර්තු 20 වන දින පැවත්වෙන මැතිවරණයට පෙර මෙම පෙනී සිටීම සිදු කිරීම විශේෂ අවස්ථාවක් විය.

එහිදී IOC සාමාජිකයින්ට පමණක් විවෘතව තිබූ මිනිත්තු 15 ක ඉදිරිපත් කිරීමක් කිරීමට හැකි විය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු කෙටියෙන් ගෙනහැර දක්වමින්, වාර්තාකරුවන්ට අයදුම්කරුවන්ට අභියෝග කිරීමට සහ ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ද ලබා දෙන ලදී.

අපේක්ෂකයින් අතර මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනා ගත් සෙබස්තියන් කෝ සහ සිම්බාබ්වේ දේශයට ඓකිහාසික වටිනානමක් එක් කළ පිහිණුම් එන් පදක්කම්ලාභිණියක වන ක්ර්ස්ටි කොවෙන්ට්‍රි ද වේ. හිටපු IOC සභාපතිවරයෙකුගේ පුතෙකු වන ජුවාන් ඇන්ටෝනියෝ සමරාන්ච් ජූනියර්, සහ ජෝර්දාන රාජකීය කුමරු ෆයිසාල් අල් හුසේන් ද අපේක්ෂකයෝ අතර වෙති. අයදුම්කරුවන් හතර දෙනෙකු දැනට ඔලිම්පික් ක්‍රීඩා සංවිධානවලට නායකත්වය දෙයි: ජොහාන් එලියාෂ් (ස්කීං), ඩේවිඩ් ලැපාර්ටියන්ට් (පාපැදි ) සහ මොරිනාරි වටනබේ (ජිම්නාස්ටික්) සහ ලෝක මලල ක්‍රීඩා ප්‍රධානියා වන කෝ ද ඒ අකාරයට දැනටත් ලෝකයේ තමන්ගේ ක්‍රීඩාවන් හී නායකයන් සේ ක්‍රියාකාරීව සිටිති. කෝ,2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සංවිධානය කළ අතර වඩාත්ම සුදුසුකම් ලත් අපේක්ෂකයා ලෙස බොහෝ අය හඳුන්වනු ලැබේ.එහෙත් ඔහු කාන්තා සහ පිරිමි අනන්‍යතාවයෙන් බැහරි ලිංගික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් කරන ලද නොදියුණු ප්‍රකාශය නිසා යම් පසුබෑමකට ලක් විය හැකිය.
බැච්ගේ නායකත්වයෙන් යුත් IOC විධායක මණ්ඩලයේ දැනටත් තිදෙනෙක් සේවය කරති. ඒ සමරාන්ච් ජූනියර්, ප්‍රින්ස් ෆයිසල් සහ කොවෙන්ට්‍රි ය.ද සිම්බාබ්වේහි 41 හැවිරිදි ක්‍රීඩා අමාත්‍යවරිය වන ක්ර්ස්ටි කොවෙන්ට්‍රි ඔලිම්පික් ව්‍යාපාරයේ වසර 130 ක පැවැත්ම තුළ එයට නායකත්වය දුන් පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වුවහොත් ඇය මෙම නිලවරණය ඉතිහාසය පුරා සමරන එකක් වනු ඇත. එසේම බොහෝ දෙනෙක් ඇය බැච්ගේ ප්‍රියතම අනුප්‍රාප්තිකයා ලෙස ද හඳුන්වන බවක් පෙනෙන්නට ඇත.


එහෙත් රටක් විසින් ලොවක් නියෝජනය කරන්නට සුදුසු අය තීරණය කර එවන අය ක්‍රීඩාවට ආදරැති,බුද්ධිමත් කොටසක් විය යුතු බැවින්,මේ සත් දෙනාගේම අදහස්වලින් වඩාත් නූතණවාදී දැක්ම ඇති කෙනා තෝරා ගන්නට ඉඩ ඇත.එහෙත් රටවල්වලින් තෝරා එවන්නනේ ඇත්තටම අප ඉහත සඳහන් කළ ගුණධර්ම ඇති පිරිස් ද යන සැකය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩාවේ පසුගිය මතකය ඇසුරෙන් කල්පනා කර බලන විට පැහැදිළිය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan