වල්බිහිවෙමින් පවතින තවත් දේශීය කර්මාන්තයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ (LNW):

මේ වන විට මහියංගනය උළු කර්මාන්ත ආයතනය වල්බිහිවෙමින් පවතින බව , නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.

බලගල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී මහියංගනය උළු කම්හලේ රුපියල් ලක්ෂ 52ක විදුලි බිල් ගෙවා නැති බවයි. අදාළ රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇති බවද සඳහන් වේ.

1961 වසරේ දී, මහියංගනය උළු කම්හල ජර්මන් රජයේ ආධාර මත ඉදිකර තිබෙන අතර, 2012 වසරේ දී කම්හලේ සේවකයන්ට ස්වේච්ඡා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඔවුන් විශ්‍රාම ගැන්වීම සිදු කළ බවද වාර්තා විය.

නැවත ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ ද ඉල්ලුම අඩුවීමත් සමඟ පසුගිය වසරේ දී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...