අපි වැඩ කරන්නේ පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා කියපු හැටියටයි – ඇමති TB සරත්‍රෝ

Date:

විපක්ෂයේ දේශපාලනඥයින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ වූයේ දේශපාලන කුහකත්වයට යටවීම නිසා බවත් ආණ්ඩුව කෙසේ හෝ මේ අධ්‍යාපන ප්‍රතිසංකරණ ක්‍රියාත්මක කරන බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව බොහෝ කෑගහපු අය අද මොකක්ද කියන්නෙ ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මනින් ගේන්න කියනවා. අපිට තේරුම් ගන්න බෑ මේ මිනිස්සු කවුද කියලා. ඒ පොතක අඩංගු පුංචි කාරණයක් මතු කරමින් කෑගහපු ඒ අයම නැවතත් අධ්‍යාපන ප්‍රතිසංකරණ ඉල්ලා හිටිනවා. මොකක්ද තත්වය ? අන්න අධ්‍යාපනයේ තිබ්බ දුර්වලතාවය. මානවවාදී මිනිසෙක් හැදුවෙ නෑ. මානවවාදී දේශපාලනඥයෙක් හැදුවෙ නෑ. ඒ නිසා දේශපාලන කුහකත්වයට යටවෙච්ච අයට මේ මානවවාදී සමාජය පිළිබඳ පුළුල් විවරණයකින් බලන්න හැකියාව නෑ. ඒක තමයි එතන තියෙන ප්‍රශ්නය. පිදෙල් කස්ත්‍රී සහෝදරයා කියපු පාඨයක් තියෙනවා “හැකි නම් කරනු, නොහැකි නම් කෙසේ හෝ කරනු”. ඒ උදෘත පාඨය ඇතුළෙ අපි වැඩ කරනවා. හැකි නම් කරනවා, නොහැකි නම් අපි කෙසේ හෝ කරනවා”

ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් ඊයේ (30) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...