හර්ෂ අබේවික්‍රම ඉවත් කළේ බානගල හිමිගේ ප්‍රශ්නයක් නිසා නොව ඔහු දූෂිතයෙක් නිසායි. රජය හරි දේ කළේ – සංජය

Date:

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාව එම තනතුරින් ඉවත් කිරීමට රජය කටයුතු කළේ ඔහු දූෂිතයකු වීම නිසා බව “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසයි.

ඔහු ඉල්ලා අස්වුණු බවට සංවේදී කතාවක් මේ වනවිට ඔහුගේ සහායකයින් විසින් ප්‍රචාරණය කරමින් සිටියත් ඔහුව ඉවත් කිරීම විෂයභාර අමාත්‍යවරයා ඇතුළු රජය විසින් ගත් නිවැරදි තීරණයක් බවත් ඒ පිළිබඳව රජය ගැන සතුටු විය හැකි බවත් සංජය මහවත්ත වැඩිදුරටත් පැවසීය.

“හර්ෂ අබේවික්‍රම ඉවත් කරන්න මේ බානගල උපතිස්ස හිමියන්ගේ කාරණාවවත් වෙන කිසිම දේකවත් සම්බන්ධයක් නැහැ. ඇත්තම කතාව තමයි බණ්ඩාරනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා 2009 වර්ෂයේදී ඩිසයින් එකක් හදනවා. 2009 සිට 2012 දක්වා ඒ ඩිසයින් එක හදාගෙන ගිහිල්ලා ජපානයේ ජයිකා ආයතනයෙන් යම්කිසි ආධාරයක් හම්බවෙනවා මේ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ අදියර 2 සඳහා. මේ අදියර 2 කියන්නෙම විශාල වශයෙන් සල්ලි ගසාකාපු ව්‍යාපෘතියක්. මේකෙ ව්‍යාපෘති දෙකක් තියෙනවා පැකේජ් A සහ පැකේජ් B කියලා. පළවෙනි පැකේජ් එක බිලියන 106ක පමණ මුදලක් යන පැකේජ් එකක්. දෙවැනි පැකේජ් එක බිලියන 6.1ක් පමණ යන පැකේජ් එකක්. දෙවැනි පැකේජ් එක සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරලා තියෙනවා 2021 වර්ෂයේ. ඒ දෙවැනි ව්‍යාපෘතියෙන් කළේ ඒප්‍රන් එකක් හදන එක ෆ්ලයිට් නවත්තන්න. හැබැයි දැන් මේ කරපු ව්‍යාපෘතිය කිසිම විදියකට වැඩක් ගන්න බැරිවෙන තත්වයකට මේ වෙනකොට පත්වෙලා තියෙනවා. පැකේජ් A යටතේ මේ වෙනකොට බිලියන 70ක් පමණ නිරපරාදේ පුච්චලා තියෙනවා මේ ව්‍යාපෘතිය නිවැරදි ආකාරයට කරගන්න බැරිවෙලා තියෙද්දී.

වත්මන් රජය බලයට පත්වුණාට පස්සෙ තමයි හර්ෂ අබේවික්‍රම මෙහි සභාපති විදියට පත්වෙන්නෙ. අපි බලමු ඔහුට තිබුණු චෝදනා මොනවද කියලා. මේ වගේ වංචා, දූෂණ වෙලා තියෙන තැනකට නිලධාරියෙක් අලුතින් පත්වෙලා පළමුවෙන්ම කරන්න ඕනෙ මේ වංචා දුෂණ හෙළිදරව් කරගැනීම. දෙවැනියට කරන්න ඕනෙ සැලසුමක් හදලා මේක වැරදිලා තියේ නම් නිවැරදි ආකාරයට කරගෙන යන්න සහ වැරදි කරපු නිලධාරීන්ට නිසි දඬුවම් ලබාදීම.

අසිත කරුණාරත්න කියන පුද්ගලයා දිගටම මේ ව්‍යාපෘතියේ ප්‍රධානියා හැටියට හිටියෙ. අපි කෑගහගෙන යනකොට ඔහුව ඉවත් කළා. ඔහු මට මිලියන 500ක පමණ එන්තරවාසි පවා එවලා තියෙනවා. අනිත් පුද්ගලයා ක්‍රිෂාන් සෙනවිරත්න උප ප්‍රධානියා විදියට හිටියා, ඔහු තාමත් ඉන්නවා. හර්ෂ අබේවික්‍රම පත්වුණා නම් ඔහු නියමිත විදියට කරන්න ඕනෙ මේ වංචනිකයින්ට දඬුවම් දීම. ඔහු ඒ වගකීම නියමිත ආකාරයට සිද්ධ කරලා නැහැ. ඒකට ප්‍රධානම හේතුවක් තියෙනවා. ඔහු පත්වෙච්ච ගමන්ම මිලියන 600ක පමණ බෝනස් එකක් ගෙව්වා මේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන්ට. ඔහු මේ මිලියන 600ක බෝනස් ගෙවන්නෙ බිලියන 70ක් පුච්චලා කිසිම සංවර්ධනයක් නොකරපු සමාගමක ඉන්න පිරිසකට. ඒක තමයි ඔහුට තියෙන ප්‍රධානම චෝදනාව.

ඒ වගේම තමයි මේ පත්වීමට කලින් මහින්ද රාජපක්ෂ සමයේ යම්කිසි හෙලිකොප්ටර් වංචාවක් සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වෙච්චි කෙනෙක් තමයි මේ හර්ෂ අබේවික්‍රම. හැබැයි වර්තමාන රජය ඔහුව පත් කළාට පස්සෙ තමයි ඔවුන් දැනුවත් වුණේ ඔහුට තියෙන චෝදනාවල බරපතළකම ගැන. අපිත් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුවත් කිරීම් රාශියක් කළා. මේ වගේ තත්වයක් යටතේ පරණ හොරු ටිකක් එකතු වුණා හර්ෂ අබේවික්‍රම වටේ. එතනින් ප්‍රධානම හොරෙක් තමයි නිශාන්ත පෙරේරා කියන්නෙ. ඔහු තමයි මේ අදියර 2 සඳහා සේවකයින් බඳවාගැනීම භාරව කටයුතු කරපු පෞද්ගලික සමාගමේ අයිතිකරු. ඒ දවස්වල වෙච්ච වංචා දුෂණ ගැන හෙළිදරව් වේගෙන යනකොට ඒවා මුදලට යටගැහුවා කියන සැකය තමයි අපි එන්නෙ. ඒ වගේම මිලියන 440ක පමණ සල්ලි ඔහු අරගෙන ඉවරයි මේ වනවිට. සල්ලි ගත්තාට ඒ මෑන්පවර් එකේ වැඩකරපු සේවකයින්ට ඊපීඑෆ්, ඊටීඑෆ් ඔහු ගෙවලා නෑ. මේ කාරණාව යටගහන්නත් හර්ෂ අබේවික්‍රම කටයුතු කළා.

ඒ වගේම හර්ෂ අබේවික්‍රම කරපු තවත් ප්‍රධානම දෙයක් තමයි අධීක්ෂණ කමිටු සභාපතිවරයා වශයෙන් තාක්ෂණික සුදුසුකම් නැති එන්. එම්. ඉක්බාල් කියන පුද්ගලයාව බඳවාගැනීම. ඒ බඳවාගැනීම හරහා මේකෙ පරණ වංචා දුෂණ සංඛ්‍යාවක් නැවත යටගහන්න ඔහු කටයුතු කරනවා. ඒ වගේම මෙහි උපදේශන සමාගම විදියට කටයුතු කරපු ජැක් එන් කේ කියන සමාගමට අපි චෝදනා කරපු ඒවා මොහු යටගහනවා එහෙම ලොකු චෝදනා නෑ කියලා. අපි මේවා සම්බන්ධයෙන් පැමිණිලි කළා.

අපිට මේ රජය ගැන සතුටුයි. රජය විදියට යම්කිසි නිලධාරියෙක් වැරදි කරනවා නම් ඔහුව එතනින් එළවීම තමයි කරන්න ඕනෙ. රජය නිවැරදි තීන්දුවක් අරන් ඒ දේ කළා. ඔහුව ඉවත් කිරීමත් එක්ක අපි කලින් කියපු නිශාන්ත කියන පුද්ගලයා ලොකු කැම්පේන් එකක් කරනවා ඒ ආසන්න කාලයේ වෙච්චි දෙයක් අරගෙන, ඒක නිසා ඔහු ඉවත් වුණා කියලා. නමුත් ඊට කලින් අමාත්‍යවරයා ඔහුට ඉවත් වෙන්න කියලා තියෙද්දී ඔහු ඉවත් වෙන්න බෑ කියලා අඬා දොඩාගෙන ඉඳපු කාලෙකුත් තිබ්බා. ඒ සම්බන්ධයෙනුත් අපිට තොරතුරු ඇවිල්ලා තියෙන්නෙ. දූෂණයට වංචාවට ඉඩ දුන් පුද්ගලයෙක් විදියට හර්ෂ අබේවික්‍රමව මේ රජය විසින් එළවලා තිබියදී ඔහු වෙනම කතාවක් හදනවා, හරිම සංවේදී කතාවක්. හැබැයි එහෙම කියනවා නම් අපි ගාව සියලු තොරතුරු තියෙනවා, බිලියන 70ක් පමණ පුච්චපු හොරුන්ව රැකගන්න දායක වුණු පුද්ගලයෙක් තමයි මේ යවලා තියෙන්නෙ”

සංජය මහවත්ත මේ බව පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...

ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙබරවාරි...

මාලිමාවේ 159 රුසියාවේ පුටින්ගේ න්‍යෂ්ටික අවි වගේ – ඇමති බිමල්

ආණ්ඩුව සතු පාර්ලිමේන්තු ආසන 159ක බලය පාවිච්චි කරන්නේ අත්‍යාවශ්‍ය...