විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශය පිළිබඳ තීන්දුවක් ගැනීම ලබන අඟහරුවාදා දිනය දක්වා කල්ගොස් ඇති බව වාර්තා වේ.

මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා හතරකදී පුද්ගලයින් 4 දෙනෙකුගේ නම් නිර්දේශ කර තිබුණ ද ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පස්වැනි වරට එවන ලද නම සම්බන්ධයෙන් සලකා බලා අවසන් තීරණයක් ගැනීම ඊයේ (31) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණත් එය ලබන අඟහරුවාදා (03) දිනයේදී සිදුකෙරෙනු ඇති බවයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ.

“විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා”

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු වූ අතර මේ දක්වාම මාස නවයක් තිස්සේ එම තනතුරට පුද්ගලයකු පත්කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙබරවාරි...