ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගියදා යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් වශයෙන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය විසින් යුරෝපා සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම්කර තිබේ.

පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් අද(01) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, යුරෝපීයයන් ඇත්ත වශයෙන්ම තම පාදවලට වෙඩි තබාගෙන ඇති අතර, නැවත වරක්, ඇමරිකානුවන්ට අන්ධ ලෙස කීකරු වීමෙන්, තමන්ගේම ජනතාවගේ අවශ්‍යතාවලට එරෙහිව “IRGC ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරෙහි ප්‍රතිවිරෝධතා පිළිබඳ නීතියේ 7 වන වගන්තිය” යටතේ මෙම තීරණය ගත් බවයි.

පසුගිය දෙසැම්බර් මස 28වන දා රටේ මුදල් ඒකකය ඉතිහාසයේ පෙර නොවූ විරු ලෙස පහත වැටීමත්, උද්ධමනය 60%කින් ඉහල යාමත් හෙත්වුවෙන් රටේ රාජාණ්ඩුවට එරෙහිව ඉරානයේ දියත් වූ සිවිල් විරෝධතා ඉතා අමානුෂික වශයෙන් මර්දනය කර මරණ සංඛ්‍යාව 3117දක්වා ඉහල යාමට වගකිවයුතු වූ ඉරානයේ උත්තරීතර නායකයාට සෘජුවම සම්බන්ධ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) යුරෝපා සංගමය මෙලෙස ත්‍රස්ත සංවිධානයක් වශයෙන් නම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...

ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙබරවාරි...

මාලිමාවේ 159 රුසියාවේ පුටින්ගේ න්‍යෂ්ටික අවි වගේ – ඇමති බිමල්

ආණ්ඩුව සතු පාර්ලිමේන්තු ආසන 159ක බලය පාවිච්චි කරන්නේ අත්‍යාවශ්‍ය...