*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අළුත් සතුරෙකු ඕනෑකර තිබේ !!

ලාංකීය දේශපාලන පිටියේ මේවනවිට ඇත්තේ අමුතුම තත්වයකි. අළුත් බලවේගයක් පැමිණ මෙතෙක් පැවති දේශපාලනය උඩු යටිකුරු කිරීමට යන බව කියවෙන ජනප්‍රිය කතාවක් තැන තැන ඇසෙන්නට තිබේ.

රට කොළ්ලකෑ මහා චෞරයන් අල්ලා ඔවුන් කොළ්ලකෑ ධනය වමාරවා ඒ ධනයෙන් රට ස්වයංපෝෂිත කර ඉක්බිත්තෙන් සියළු චෞරයන් දඟ ගෙට දක්කන බවද මේ සමඟ ඇසෙන්නට තිබේ. ඇත්තෙන්ම මෙය යථාර්ථයක් බවට පත්කල හැක්කක්ද නැත්නම් මෙතෙක් පැවැතියාක් බඳු තවත් ජනප්‍රියවාදයක් පමණක්ද ‍යන්න මෙහිදී අප මදක් විමසා බලමු.

අපේ රටේ මෙතෙක් කරළියට පැමිණි දේශපාලන සංදර්ශන යනු හුදෙක් ජනප්‍රියවාදයන් මිස විද්‍යාත්මක දැක්මක් මත පදනම් වූ ඒවා නොවේ. ඇත්තෙන්ම විද්‍යාත්මක දැක්මක් තිබුනේ නම් ජනප්‍රිය වාදයක් වන්නේ නැත. අනෙක් අතට ජනප්‍රිය වාදයක් විද්‍යාත්මක දැක්මක් මත පදනම් වන්නේද නැත.

අනෙක් පැත්තෙන් මේ විටින් විට එන සෑම ජනප්‍රියවාදයන් වටාම රොඳබැඳ ගන්නේද එකම ජනතාවක්මය. මුස්ලිම් විරෝධය උත්කර්ෂයට නැංවී තිබූ සමයේ රැල්ලට ගොස් මුස්ලිම් කඩ ගිනි තිබ්බේත් සහ පසුගිය අරගල සමයේ ආන්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ ගෙවල් ගිනිතබා ඒ තැන්වලින් සොරාගෙන යාහැකි දෙයක් තිබිනි නම් ඒවාද සොරාගෙන ගියේද එකම සමාජ ස්තරයකි.

මේ සමාජ ස්තරය සමන්විත වූයේ ස්වකීය ප්‍රචන්ඩ ක්‍රියාකාරකම් නිසා තමන්ට හෙට දවසේ මුහුණදීමට සිදු වන ඉරණම ගැනහෝ මෙලෝ අවබෝධයක් නැති ලුම්පිත සමාජ කොටස් වලිනි. මේ කෝලාහල වලට අවශ්‍ය දෘෂඨිවාදය මෙහෙයවන්නන් විසින් ඒ , ඒ මොහොතට අනුව මේ ලුම්පිත රැඩිකලුන් වීරයන් බවට පත්කර ගනී. දෙමළ සහ මුස්ලිම් කඩ ගිනිතැබෙද්දී ඔවුන් සිංහල ජාතියේ වීරයන් වූ අතර අරගලය සමයේ දේශපාලකයින්ගේ ගෙවල් ගිනි තබන විට ඔවුන් නිර්ධන පන්තියේ වීරයන් ලෙස බෞතිස්ම කෙරින.

මීට පෙර කාලයක 83 දී දේශානුරාගයෙන් දෙමළ කඩ ගිනිතබමින් දෙමළ මිනිසුන් මරා දැම්මේද, දෙමළ ලේ ඉල්ලූ දේශහිතෛශී නාඩගං තුල සිටියේද, නන්දිකඩාල් වල සිදුවූ දෙමළ සංහාරයේ සතුටින් අමන්දානන්දයට පත්වී නටමින් ගයමින් මහ පාරේ කිරිබත් උයාගෙන කෑවේද උක්ත දුම්පිත කුලයකයට අයත් එකම ජනතාවකි. තමාගේ ලුම්පිත නොහැකියාවේ දෝශය පිටතට බහිෂ්කරණය කර කොට තමාගේ අසාර්ථක බාවයට වගකිවයුතු බාහිර සතුරෙකු මවා එකී මනෝමූලික සතුරාට තඩි බෑම සහ ඌට එරෙහිව වහසිබස් දෙඩවීමම වීරකමක් ලෙස දකින මේ සමාජ ස්තරයට ගැඹුරු දේශපාලන දෘෂ්ඨියක් නැත. අවාසනාවකට අපේ රටේ බහුතර චන්දදායක අඩංගුව සෑදී ඇත්තේ මේ සමාජ පන්තියෙනි.

කිසිවක් නැති නිකමුන් බවට පත්ව සිටින ලාංකීය සමාජයට රොමෑන්තික ප්‍රෞඩ අනන්‍යතාවයක් ලබාදුන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදය විසිනි. එදිනෙදා ජීවිතයේ මූණ දෙන ආර්ථික නැතිබැරිකම්, අසාර්ථකත්වයන්, අපේෂාබංගත්වයන් යනු ස්වකීය ජාතියේම අසාර්ථකත්වයකත්වයේ කොටසක් ලෙස වැටහී යාමේ වික්ෂිප්තයෙන් ගැලවීමට ජාතියේ අසාර්ථකත්වය වනාහී දෙමළා, මරක්කළයා, ඇමරිකන් කාරයා සහ I.M.F. එක නිසා ඇතිවූවක් ලෙස ව්‍යාජ අර්ථකථනයන් හදාගැනීම මේ ලුම්පිත මනසට සහනයකි.

එදා මහින්ද දෙමළා විසින් අපට නැතිකල ජාතියේ සාරය නැවත ගෙන එන ජාතියේ ඓතිහාසික ගැලවුම් කරුවා විය. එහිදී මහින්ද යනු අප වෙනුවෙන් අපගේ විශ්වාශයන් ක්‍රියාකරවන පැන්ටාස්මැතිකයක් මිස අන් කිසිවක් නොවීය.

මෙහිදී ප්‍රබාකරන් නැසු පසු රටේ ආර්ථිකය සෞබාග්‍ය කරා යෑම කෙසේ වෙතත් තිබ්බ ටිකද නැති වීමේ ක්ෂතිය නැවතත් සමාජයට සම්මුඛ විය. එහිදී නැවතත් සමාජයට සතුරෙකු අවශ්‍ය විය. ඇත්තෙන්ම මෙය සතුරෙකු නොමැතිව පැවතිය නොහැකි පසුගාමීත්වයේ දුෂ්ඨ චක්‍රයකි. ප්‍රබාකරන් යනු ජාතියේ අසමත් බාවයට වගකිව යුතු ප්‍රබන්ද සතුරෙකි. ප්‍රබාකරන් මරා දැමුන දින මහ පාරේ කිරිබත් කමින් නටමින් ගයමින් සතුටු උනේ එතැන් සිට මහා ජවයකින් පිබිදීමට නියමිත ජාතියේ මහා සෞබාග්‍ය වෙනුවෙනි. නමුත් ප්‍රභාකරන් මරා දැමීමෙන් පසුව ජාතියේ සෞබාග්‍ය කෙසේ වෙතත් විය යුතුව තිබූ පරිදිම තිබ්බ ටිකට ද කෙළවිය.

ඊළඟට අප සොයාගත් සතුරා වූයේ ඉස්ලාම් ව්‍යාප්ත වාදයයි. එයද අසාර්ථක ව්‍යාපෘතියක් වූ පසු අපට ඊළඟ සතුරා ලෙස අබිමුඛ වූයේ අපිම නිර්මාණයකල අපේම ප්‍රතිබිම්බයක්වන්වූ රාජපක්ෂවරුමය.

රාජපක්ෂවාදය යනු ඉහත සඳහන් කල ලුම්පිත ජන සමූහය සාමූහික ලෙස බලමුළු ගැන්වීමට නිර්මාණය වූ මධ්‍යස්ථානයකි. මෙහිදී රාජපක්ෂ තන්ත්‍රයේ දේශපාලන පැවැත්ම අර්බූදයට රැගෙන ගියේද ඒ ලුම්පිත බලවෙගය බලමුළු ගැන්වීමට අත ගසන ඕනෑම බලවේගයකට ධෛවෝපගතව මුහුණ දීමට සිදුවන ඉරණමකට අනුවය. එනම් යුටෝපියාවට එළියෙන් පවතින යතාර්තයේ ඇති ගෝළීය ආර්ථික දැක්ම මගහැරී යාමේ ඉරණමයි. රාජපක්ෂ වාදයට පමණක් නොවේ, ජාතියේ ගැලවුම් කාර ජනප්‍රිය වාද මතින් බලයට එන ඕනෑම බලවේගයක අනාගත ඉරණම එයම වන්නේය.

රාජපක්ෂවරු යනු මහජන මුදල් අවබාවිතා කල පිරිසක් බව සැබැවි. නමුත් ඔවුන්ව බලයට පත්කල අතිබහුතර මහජන මනස සකස්වී තිබුනේ රාජපක්ෂවරු යනු ප්‍රශ්ණකල නොහැකි ජාතියේ ගැලවුම්කාර පරමාදර්ශී චරිතාපදාන ලෙසින් හා මුළුමහත් ජාතියම ඔවුන්ට ණය ගැති බවය. මෙහිදී එවන් අසහාය නිශේධ බලයක් පැවරූ පාලන තන්ත්‍රයක් චෞර පාලන තන්ත්‍රයක්වීම සාමාන්‍ය තත්වයකි. ඒ නයින් ගත්කල රාජපක්ෂ තන්ත්‍රය කල මහජන දේපල කොල්ලය, ඔවුන්ව බලයට පත්කල ලුම්පන් බලවේග විසින් නිර්මාණය කර දුන් ඓතිහාසික තත්වයකි.

අනිත් කාරනාව රට මුහුණදෙන ආර්ථික අර්බූදයට රාජපක්ෂ හොරකමේ දායකත්වය ප්‍රතිශතාත්මකව ඉතාම සුළු එකකි. අර්බූදයේ සැබෑ මූලය වූයේ ජාතියක් විදියට යුග යුග ගනනාවක් තිස්සෙ ආදායම මෙන් කීප ගුණයක වියඳමක් පවත්වාගෙන යාමයි. ඇත්තෙන්ම මේ වියඳම යනු කාලාන්තරයක් තිස්සේ හාල් පොත්, ජනසවි, සමෘධි, මෙකී නොකී සුබසාධනයන්ට සහ කිසිදු ප්‍රති ආදායමක් නූපදවන උදෑසන අටේ සිට පස්වරු හතර දක්වා වෙලාව බල බල කාලය කෑ රාජ්‍ය සේවය නඩත්තුවට හැලූ ධන්ස්කන්දයේ ඓක්‍යයයි.

මෙතෙක් මේ රටේ බලයට පත්වූ දේශපාලකයින් හොරා කෑවද සැබැවින්ම ඔවුන් හොරා කෑවේ ලුම්පිත මහජනයාගෙන් නොවේ, මන්ද, දිළිඳු සහන හා සුබසාධන මත නඩත්තුවෙන ජනතාවකගෙන් හොරාකෑමට තරම් දෙයක් නොමැති බැවිනි. සත්‍ය ලෙස ගත්විට හොරා කෑ පාලකයන් පමණක් නොව ලෝකයට ප්‍රකෝටිගනන් ණය වී සපයන සුබසාධන මත නඩත්තු වෙන පෙරකී ලුම්පිත ජනයාද මේ මහා ණය කන්දේ වග උත්තර කරුවන් වේ. ජනතාව යනු කිසිවක් නොදන්නා හා පැටව් මෙන් අහිංසක පිරිසක් නොවේ, මන්ද ලොව සියළු ෆැසිස්ට්වාදයන්ද නාසිවාදයන්ද බලයට ගෙන ආවේ මහජන රැළි වළිනි.

ඒ අනුව අවසාන වශයෙන් මෙසේ පැවසිය හැකිය. පන පිටින් පට්ට ගැහුවත් වෛරය නොසන්සිඳෙන අළුත් සතුරෙකු අපට සම්මුඛ වී තිබේ, ඒ රාජපක්ෂ කුටුම්බයයි. අනික් පැත්තෙන් රාජපක්ෂ සතුරන් ගලේ ගසා ඔවුන් කොළ්ල කෑ ජාතියේ සෞබාග්‍ය නැවත අපට ලබාදීමට පොරොන්දු වන අළුත් ජනප්‍රිය වාදයක් කරළියට පැමිණ තිබේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan