නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවේ

Date:

කොළඹදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිණි පියතුමන් පවසන්නේ රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බවයි.

මෙය ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක් බැවින් නිදහස් උත්සවයට කාදිනල් හිමියන් සහභාගී වෙන්නේ හෝ කිසිදු කතෝලික රදගුරුතුමෙකු ද ඊට සහභාගීවෙන්නේ නැතැයිද සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේය.

වැඩිදුරටත් පියතුමන් පවසා සිටියේ , විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, සියයට 30කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණ වැඩිවී ඇති විට රැකියා අහිමිවෙමින් තිබෙන මොහොතක ව්‍යාපාර කඩාවැටෙමින් පවතින විට නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී මොහොතක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද කියලා අපි ප්‍රශ්න කරනවායැයි ද යන්නයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...