අප්‍රේල් වෙනකල්ම කිසිසේත් කප්පාදුවක් නෑ – විදුලිය දෙන හැටි ලොකුගේ කියයි (VIDEO)

Date:

අප්‍රේල් මාසය වන තෙක්ම කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වෙයි.

“දැන් අපි අප්‍රේල් මාසෙ වෙනකල් විදුලි සැලැස්මක් හදනවා කොහොමද අපි අප්‍රේල් මාසෙ වෙනකල් යන්නෙ කියලා. ඒවා ඔක්කොම ගණනය කරලා අපි බලනවා මේ විදුලි ජනනය කරන්න අපට තාප බලාගාරවලින් තවත් එළියට ගිහිල්ලා ගන්න ඕනෙද කියලා. එහෙම වුණොත් ඒ ගන්නත් අපි තීන්දු කරනවා. ඒ සැලැස්ම දැන් සකස් වෙනවා”

ප්‍රශ්නය – ඇමතිතුමා විශ්වාසයෙන් කියන්න පුළුවන්ද අප්‍රේල් වෙනකල් කිසිසේත් විදුලිය කැපීමක් වෙන්නෙ නෑ කියලා ?

“ඔව්, කියන්න පුළුවන්”

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විදුලි අර්බුදය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම සාකච්ඡාවට විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී වූ අතර පැය තුනක් පමණ තිස්සේ සාකච්ඡාව පැවැත්විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...