වංචනික ලෙස විදේශයන්ට ඩොලර් යැවූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ගැන CID විමර්ශනයක්

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් වංචනික ලෙස රුපියල් කෝටි 26ක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් විදේශයන්ට ප්‍රේෂණය කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල හමුවට මෙසේ කරුණු වාර්තා කර ඇති බව සඳහන්.

නූරා මල්ටි ට්‍රේඩර්ස් යනුවෙන් ලියාපදිංචි කර ඇති ආයතනයක් හරහා රට ඉඳි, රන් භාණ්ඩ ආදී භාණ්ඩ මෙරටට ආනයනය කරන බව හඟවමින් මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා මෙරටින් ඇමරිකානු ඩොලර් විදේශයන් වෙත යවා ඇතැයි අනාවරණය වූ බවයි සීඅයිඩීය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔවුන් අධිකරණයට වාර්තා කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...