*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

හෙබයා පියතුමාගේ පැසිපන්දුව මඩකළපුවට දෙන්න – රටටත් ගන්න

යුද්ධයේ ගිණිදැල් ඇවිලෙමින් ඇත.උතුරත් නැගෙනහිරත් ලක් පොළවෙන් වෙන් නොවි තිබුණේ නිතියෙන් වුව ඒ මිනිස්සු හිටියේ රටේ සිංහල පැතිවලට බොහෝ දුරින්ය.ඒ දුර අඩුපාඩු කිසිවක් සෙසු ප්‍රදේශවලට තමන්ගේ රටේ පුරවැසියන්ගේ අඩු පාඩු ලෙස දැණුනේද නැත.ඒ තරමට දෙපස දෙපිළික්ය.එවැනි වාතාවරණයකත් මඩකළපුව රටේ සියල්ලට සාමාන්‍ය ලෙස දැනෙන සම්බන්ධයකින් පොහොසත්ව තිබිණ.එහි පෙකණිවැල වයේ හෙබයා පියතුමාය.ව්‍යවහාරයේ එසේ වුවද ඔහුගේ සැබෑම නම ඉයුජින් ජෝන් හර්බට් ය.

ඔහු ඇමෙරිකන් මව් පිය දෙපළකට දාව උපත ලබා තිබිණ.ඒ ඇමෙරිකානු සම්බන්ධය නිසා ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ මඩකළපුවේ ශාන්ත මයිකල් විද්‍යාලයේ පුත්තු එකල පැසිපන්දු පිටියේ හොඳම ඇඳුම් පැළදුම් පමණක් නොව පැසිපන්දු ක්‍රීඩා භාණ්ඩද භාවිතයට ගත්තේය.පියතුමා රටේම පැසිපන්දු ක්‍රීඩාවට ඒ පහසුකම් ලැබීම ගැන උනන්දුවක්ද ඇති අයෙක් විය.ඒ නිසා බම්බලපිටියේ ක්ලිෆඩ් පෙදෙසට වන්නට පිහිටි තැනකින් ඔවුන් භාවිතයට ගන්නා වර්ගයේ “සුපර්කේ” පැසිපන්දු ඉතා සාධාරණ මිලකට ගන්නටද අවස්ථාව සළසා දී තිබුණේය.

ඒ වගේම උතුර නැගෙනහිරි ඉරවත් නොනැඟෙන තරමට අඳුරු වි ඇතැයි අප සිතද්දී,එළියට බහින්නට බැරි තරමට පත්තුවෙන පුපුරන වෙඩි බෝම්බ ගැන ප්‍රවෘත්ති අසද්දී දකිද්දී හෙබයා පියතුමාගේ පැසිපන්දු ක්‍රීඩකයෝ ජාතික පැසි පන්දු බිමට බැස කුසලානය ශාන්ත මයිකලය දක්වා සැපත් කළෝය.ඒවාට හරස් කපන්නට උත්සාහ කරන විට පියතුමා නීතිපොත ද රැඟෙන විත් ඒවා කටපාඩමෙන් මෙන් කියද්දී සාධාරණය නිතිය අනුව නොදී බැරි විය.
එතුමාණෝ ස්වරගස්ථ වූ බවක් අදටද නොදනියි.යුද්ධයේ අඳුරු මතක කියැවීම් අතර ඉයුජින් ජෝන් හර්බට් පියතුමා ද සිටින්නේ අතුරුදහන් ලේඛණවලය.ඊට වගකීම යුද්ධයේ පධාන පාර්ශව දෙක විසින් එකිනෙකාට එල්ල කරමින් සිටියද මේ අති විශිෂ්ඨ මිනිසාගේ අහිමිවීම කවුරුන් විසින් කරන ලද්දක්ද යන තවමත් නිශ්චිත තීරණයකට නොපැමිණිය හැකි කාරණයකි.හැබැයි පියතුමා සෑම විටම තරුණ සුබ සිද්ධිය සහ ඔවුන්ගේ ජීවිත පරිස්සම ගැන අවදියෙන්,සොයා බලමින් වෙහෙසි බව මුළු මඩකළපුවම දන්නා කාරණයකි.

ඒ හා අති විශිෂ්ඨ ගෞරවණීය මඩකළපු පැසිපන්දු ඉතිහාසයේ පීතෘවරයා වූ හෙබයා පියතුමාගේ අතුරුදහන්වීමෙන් ඉනික්බිති පැසි පන්දුවට තිබුණු කීර්තියද ක්‍රමයෙන් අතුරුදහන් වෙන්නට පටන් ගත්තේය.මඩකළපුව යුද්ධයෙන් ඉනික්බිති සිවිල් සමාජයක් ස්ථාපිත කිරීමේ දුප්පත්කමේ කරවටක් ගිලිණි.ආයුධ සන්නද්ධ කල්ලිවල දේශපාලනයේ ගොදුරක්ව සසැලෙමින් ඇත.එදා මඩකළපු ශාන්ත මයිකල් වූ ශුද්ධ පැසිපන්දුව වෙනුවට වෙනත් මාර්ගවලින් ජාතික තලයේ පැසි පන්දුවේ පිල් බෙදීම්,ඡන්ද වරදාන වරප්‍රසාද රෝග මඩකළපුවට ද බෝ විය.

අසල්වැසියාගේ මෙන්ම සියලු සත්වයන්ගේ පැසි පන්දුවේ ප්‍රේමණිය සංඛේතයක් වූ හෙබයා පියතුමාගේ මඩකළපු පැසිපන්දු දර්ශණයට හානිකර සිදුවිමක් පසුගිය දිනෙක මඩකළපුවේදීම සිදු කරන්නට ජාතික පැසිපන්දු පරිපාලනය පියවර ගෙන තිබිණ.ඒ හදිසියේ කාන්තා තරග කාල සටහන වෙනස් කරමින් මඩකළපුවට ස්ථානයක් දිනා ගත හැකි ආකාරයට නැවත තරග කාල සටහන බෙදී සිටි කාණ්ඩ වෙනස් කරමින් සකසමින්ය.ඒ නිසා විශේෂයෙන්ම රත්නපුරයේ සිට මඩකළපුවට පැමිණි රත්නපුර කණ්ඩායමට හෙබයා පියතුමා සිටි දවසකනම් හිමිවන සත්කාර කරුණාව වෙනුවට හිත් බිඳගෙන රිඳවගෙන ආපසු යන්නට සිදු විය.මෑතකාලීන අත්දැකීම් මත ගත් විට විශ්ව විද්‍යාලීය කණ්ඩායම,ගම්පහ කණ්ඩායම සහ රත්නපුර කණ්ඩායම ජාතික පැසි පන්දු සූරතාවලියේ දෙවන කොටසේ තරග නියෝජනය කරන්නට පැමිණි කාන්තා කණ්ඩායම් අතර මුල් ස්ථාන තුන දැරීය.තරගාවලියට පැමිණ සිටි කණ්ඩායම් ගණන හයක් විය.ඉහත සඳහන් වූ කණ්ඩායම් හතරට අමතරව මාතර සහ ගාල්ල කණ්ඩායම් විය.
තරගාවලියට පෙර කණ්ඩායම්වලට එවා තිබූ තරග කාල සටහන වෙනස් කර එකම කාණ්ඩයකට විහ්ව විද්‍යාලිය කණ්ඩායම,ගම්පහ කණ්ඩායම සහ රත්නපුරය ඇතුළත් කළේ අනෙක් කාණ්ඩයේ ප්‍රබලම කණ්ඩායම බවට මඩකළපුවට ඉහළට එන්නට මාවත සකසමින්ය.ඒ අනුව මූලික වටයේ ලීග් ක්‍රමයට පැවති තරගවලින් අනතුරුව විශ්ව විද්‍යාලීය කණ්ඩායම සහ ගම්පහ පෙරට පැමිණ අතර අනෙක් කාණ්ඩයෙන් ඉදිරියට පැමිණියේ මඩකළපුව සහ මාතර ය.

හෙබයා පියතුමා

අවසාන පූර්ව තරගවල ප්‍රතිපල වූයේ අවසාන තරගයට පහසුවෙන් පිවිසෙන්නට හැකි ලෙස විශ්ව විද්‍යාල කණ්ඩායම සහ ගම්පහ ජය ගැනීමය.සමාන සහ ආසන්න දක්ෂතා තිබූ එම කණ්ඩායම් දෙකෙන් මූලික වටයේ තරගවලදී පරාජය වූ විශ්ව විද්‍යාලීය කණ්ඩායම අවසාන තරගයේදී ලකුණු 57 – 51 ක් ලෙස ගම්පහ පරාජය කිරීමය.ඒ අනුව සූරතාවය විශ්ව විද්‍යාලීය කණ්ඩායමට හිමි විය.තෙවන ස්ථානය හිමි වූයේ සැළසුම් ප්‍රකාරව මුල් වටයේ දී මෙන්ම තෙවන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේදී ද මාතර කණ්ඩායම පරාජය කළ මඩකළපුවටය.
මඩකළපුව යනු කළෙක ලාංකේය පැසිපන්දුවේ රජවරු මෙන් වැජඹි කණ්ඩායමක්ය.ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩ අන් අයට වඩා ඉහළ මට්ටමේ විය.ක්‍රීඩා තාක්ෂණය ද එබඳුය.හෙබයා පියතුමා සමඟින් අතුරුදහන්ව ඇති ඒ තත්ත්වය නැවත ළගා කර ගන්නට පහසුකම් ලබා දීම හැර මෙවැනි ලාමක වැඩවලින් මඩකළපුව පිනවන්නට යාම හෙබයා පියතුමාට ද කරන අගෞරවයකි.

පැසිපන්දු පරිපාලනය කෙසේ හෝ මඩකළපුවට ජාතික මට්ටමේ තරගාවලියක් ගෙන යාම නිසා ඈත් වෙමින් සිටි පැසිපන්දු ලෝලීන්ට යම් උත්තේජනයක් ලැබෙන්නට ඇත.එය අගය කළ යුතුය.නමුත් මීට වඩා ඔවුන්ට ගරු කළ යුතු මාර්ගය අවබෝධ කර ගත යුතුය.සංවිධානය කරාට තුටු පඩුරු ලෙස ස්ථානයක් ලබැ ගැනීමට හැකි අයුරෙන් තරග කාල සටහන සැකසීම,එසේත් නැතිනම් නිලවරණ ජයග්‍රහණයට ඡන්දයක් බා දීම නිසා හෝ ලබා ගැනීම පිණිස ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ සැකසීම වැනි තැන්වලට යාමෙන් මඩකළපුවට සහ ලංකාවේ පැසිපන්දුව ගැන කතා කරද්දි අමතක කළ නොහැකිම චරිතයක් වන ඉයුජින් ජෝන් හර්බට් පියතුමාට අවමන් කිරීම කණගාටුදායකය.

ඉයුජින් ජෝ්න් හර්බට් පියතුමා ජයග්‍රාහී අවුරුදු 15 න් පහළ කණ්ඩායමක් සමඟ (ඡායාරූපය https://www.researchgate.net හී පළ වුවකි.

ශුද්ධ වූ භුමියක් ගොම කළවම් නොකර පිරිසිදු කිරෙන් නැහැ විය යුතුය.එසේ නොවුණ තැන ගත් මහන්සිය ගැන අටුවා ටීකා ටිප්පනි ලියා පලක් නැත.හොඳටම කරා කිව්වට වැරදි ඇති වූ විට ප්‍රතිපලය ලෙස ෆේල් ය.මඩකළපුව හෙබයා පියතුමාගේ සමයේ පැසිපන්දු ජයග්‍රහණ පමණක් නොගෙනාවේය.ඔවුන් විනයගරුක,නීතිගරුක හැසිරීමකින් පැසිපන්දුවට මහත්මා අගයක් ලබා දුන්නේය.

ඒ අගය ද ජයග්‍රහණද මඩකළපුටත් රටටත් දෙන්න පියතුම ගත් මඟ ගන්න සිතන්න.අප පැසිපන්දු පරිපාලනයෙන් ඉල්ලන්නේ ඒ ආකාරයට ය.

මීට සමගාමීව පැවති පිරිමි තරගවලදී සූරතාවය දිනා ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා.අනු සූරතාවය හිමි වුණේ පුත්තලම කණ්ඩායමටයි.පිරිමි අංශයේ තෙවන ස්ථානය මහනුවරට හිමි වුණා.මේ අනුව පිරිමි සූරතාවය දිනූ ගල්ල කණ්ඩායම සහ කාන්තා සූරතාවය දිනූ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ තරඟ වැදීමට සුදුසුකම් ලබා ගන්නවා.

රණසිංහ මුදියන්සේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan