හරීන් සමුළුව බේරා ගනියි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 01 කොළඹ (LNW): ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පනවන අවස්ථාව වන විට එහි අනුමැතියෙන් පැවත්වීමට නියමිතව තිබූ අයිසීසී වාර්ශික මහා සභා සමුළුව ජූලි මස 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට එකඟතාවය පළ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව පැවත් වූ සාකච්ඡාවලින් අනතුරුව දේශපාලන බලපෑම් මත ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජනවාරි 28 වන දා අයිසීසීය තීරණය කළ අතර ඊට අමතරව මෙම සමුළුව ලංකාවේ පැවත්වීමට ගෙන තිබූ තීරණය ද ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇත.

රටවල් 16 ක් සහභාගි වන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවත්වෙමින් තිබෙන අතර එම තරගාවලිය ශ්‍රී ලංකාව අයිසිසී ය විසින් තහනම් නොකරන්නට ශ්‍රී ලංකාවේ පවත්වන්නට තිබූ තරගායලියකි.රටවල් 16 කින් 15 ක් පමණක් මෙරටට සංචාරකයින් ලෙස පැමිණෙන අතර ඔවුන් සමඟ කණ්ඩායම් සමඟ එක් වී මේ තරගාවලියට එක් වෙන්නට තිබුණු පිරිස ඇතැම් විට තරගාවලියෙන් පසුවද ශ්‍රී ලංකාවේ රැදී සංචාරය කරන්නට ද ඉඩ තිබිණි.ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30 ක මුදලක් මේ සමඟ ශ්‍රී ලංකාවට අහිමි වී ඇති අතර ඇතැම් විට රැදී සිටින දින ගණන් වෙනස් වීම,තරගාවලිය දැන් නරඹන විට දකින ආකාරයට තරග නැරඹීමට එම තරුණයන් සමඟ පැමිණිය හැකි පිරිසගේ අඩු වැඩියත් සමඟ මේ ආදායම තවත් වැඩි වන්නට ද තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය