ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් නිවේදනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන අතර, ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් අතර,වැඩිවුණු ඉන්ධන මිල හේතුවෙන් අවම බස් ගාස්තුව සංශෝධනය කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉල්ලා සිටියා.

පාසල් වෑන් රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ එල් සී ප්‍රනාන්දු මහතා කියා සිටියේය.


මේ අතර ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ ගියද බස් ගාස්තු වැඩිකළ නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි. බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති හා එකගතාවන් අනුව එලෙස ගාස්තු වැඩිකිරීමට ප්‍රතිපාදන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ගාස්තු ඉහළ දැමීම අදාළ සම්මුතීන්ට අනුව සිදු කළ යුතු බවත් ඔහු වඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...