රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ (LNW):
එළැඹෙන ඉදිරි අයවැය තුළින් ජනාධිපතිවරයාගේ වියදම සියයට පනහකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තවද, ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට හෝ ආගම්වාදයට යළි මේ බිමේ කිසිදු ඉඩක් නැති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවකට සහභාගි වෙමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේය. පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

