Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ පවතින බ්‍රවුන්ස් සහ සමාගමේ විදුලි මෝටර් රථ අංශය වන Browns EV සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය වශයෙන් BAW M8 බහුකාර්ය මෝටර් රථය මෙරට වෙළඳපොලට හඳුන්වාදී තිබේ.

1951 වසර දක්වා දිවෙන උරුමයක් සහිත බීජිං ඔටෝමොබයිල් වර්ක්ස් (BAW) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති M8 මෝටර් රථය ආසන 7කින් යුක්ත ය. කිලෝමීටර් 1050 ඉක්මවන ඒකාබද්ධ පරාසයකින් යුත් මෙම බහුකාර්ය මෝටර් රථය පවුලේ භාවිතයටත් විධායකයින්ගේ සහ කාර්ය මණ්ඩල මෙහෙයුම් සඳහාත් ඔබින පරිදි නිමවා ඇත.

ඇතුළත වඩාත් ඉඩකඩ සහිතව නිමවා ඇති මෙය සුව පහසුව මෙන්ම රිය පැදවීමේදී විශ්වසනීයත්වය, සුමට බව සහතික කරන අතර ශ්‍රී ලංකාවේ ධාවන තත්වයන්ට ඉතාම හොඳින් ගැලපෙන වාහනයකි. ආකර්ෂණීය වර්ණ 7කින් මෙම M8 මාදිලිය ඔබට ලබාගත හැකිය.

නවීන තාක්ෂණයෙන් පිරිපුන් මෙම M8 රථය a large floating touchscreen, dual power sliding doors, electrically adjustable seats with leg rests, seat heating, massage function and ventilation, multi-zone climate control and external power discharge capability යන පහසුකම් ඔබවෙත සුඛෝපභෝගීත්වය පිරිනමන අතර එයාර් බෑග් රැසකින්, ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පද්ධතියකින් සහ වැඩිදියුණු කළ තිරිංග පද්ධතියකින් ඔබේ ආරක්ෂාව තහවුරු කරයි.

එමෙන්ම මේ M8 රථය වෙළඳපොලට හඳුන්වා දෙන්නේ රුපියල් මිලියන 21ක සුවිශේෂී මිලකට ය. ඒ ඔස්සේ Browns EV සමාගම අධි සුඛෝපභෝගීත්වය සහ දැරිය හැකි මිල අතර පරතරය පියවමින් ශ්‍රී ලංකාවේ බහුකාර්ය මෝටර් රථ වෙළඳපොලට ප්‍රමුඛ පෙළේ සුවපහසුව සහ නවීන තාක්ෂණය එක්කර ඇත.

මෙම මෝටර් රථය හඳුන්වාදීමේ උත්සව අවස්ථාවට LOLC සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා, බ්‍රවුන්ස් EV හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා, වුන්ස් EV හි ප්‍රධාන විධායක නිලධාරී පවිත්‍රා ජයසේකර මහත්මිය, BAW හි උප සභාපති Zhihong Gu මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩි විස්තර සඳහා 011 771 6111 අමතන්න.