සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති උත්කර්ෂවත්ව ලොස් ඇන්ජලීස් හිදී පැවති ලෝක සංගීත ක්ෂේත්රයේ උත්කර්ෂවත් 68වන ග්‍රැමී සම්මාන උළලේදී දලයි ලාමාතුමා සිය පළමුවැනි ග්‍රැමී සම්මානය දිනාගෙන තිබේ.
ගෙවුණු වසරේ ජනප්‍රියම ගීත ඇගයීමට ලක් කරමින් පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාවට ගායකයන්, ගීත රචකයන්, නිර්මාණකරුවන්, නිෂ්පාදකයන්, අධ්‍යක්ෂකවරුන් ආදී 15000ක නිර්මාණකරුවන් මෙවර ග්‍රැමී සම්මාන උළෙල හා එක්ව ඇති අතර භාවනා ශ්‍රව්‍ය ප්‍රයෝග නමැති කෘතිය වෙනුවෙන් 90 හැවිරිදි දලයි ලාමාතුමා මෙහිදී සම්මානයට පාත්‍ර වී ඇත.
නොබෙල් සාම ත්‍යාගය ලැබීමෙන් දශක හතරකට ආසන්න කාලයකට පසු, බෞද්ධ අධ්‍යාත්මික නායකයෙකු සංගීතයේ ශ්‍රේෂ්ඨතම වේදිකාවට පැමිණි මුල් අවස්තාව මෙය වේ.

