*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ජනතාව පාරට බැහැලා තියෙන්නේ ආර්ථික තත්වය නිසා: ආචාර්ය නාලක ගොඩහේවා

මේ වන විට ජනතාව පාරට බැස තිබෙන්නේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය නිසා බවත්, වත්මන් ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පමණක් බැවින් ඔහුට කිසිම බලයක් නැති බවත්, එබැවින් ලබා දෙන ඡන්දය හොඳින් සිතා බලා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

නිදහස ජනතා සභාව ඇමතූ පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“ආර්ථික ගැන කතා කලොත්, ජනතාව පාරට බැහැලා තියෙන්නේ ආර්ථික තත්වය නිසා. වැටුප් අරගෙන බදු ගෙවන්න වෙලා තියෙන්නේ, IMF එක නිසාලු මේ වැනි බදු වැඩි කරන්නෙ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු වාර අවසාන කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩි වියදමක් යනවා ඊට පස්සේ හැම තනතුරක්ම අවොසි වෙනවා. ඒවා නැවත පත් කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහට වුවමනාව ප්‍රධාන කතාව කරන්න, IMF ආවා කියලා ගෙවන්න තියෙන ණය පස්සට දා ගන්න පුළුවන්, 2018 තිබුණ විදිහට සංචාරක කර්මාන්තය ගෙනියන්න පුළුවන් ද ? ආන්ඩුව මැතිවරණය කල් දාගන්න දගලනවා, මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට මරණ තර්ජනය කරනවා, මේක කරන්නේ ආන්ඩුවෙ අය, මැතිවරණ කොමසාරිස් කියනවා ඒකෙ නිති ක්‍රියාත්මක වෙන්නෙ ඉබිගමනින් කියලා.

පාලාත් පාලනය විසුරුවන්නෙ නැතුව තමයි මැතිවරණය කරන්නෙ. ඉතින් සභාපතිවරු රජයෙ මුදල් වලින් එක එක භාණ්ඩ බෙදනවා, 13 වන විවස්ථාව සංශෝධනයක් කරන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. පහුගිය කාලේ හිටපු ජනාධිපති වරු හත්දෙනෙක් හිටියා. ඒ කවුරුත් වෙනස් කරන්නෙ නෑ. ගොඨාභය රාජපක්ෂ කිවුවා අළුත් ව්‍යවස්ථාවක් ගේනවා කිව්වා, දැන් ඉන්න ජනාධිපතිට කිසිම බලයක් නෑ, එයා අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් විතරයි. එයාට අයිතියක් නෑ, අපි කියනවා හරියට බලලා ඡන්ද දෙන්න කියලා”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan