*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

​කීර්තිමත් ව්‍යාපාරික අජිත් ගුණවර්ධන Teejay Lanka PLC හි සභාපති ධූරයට

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදිපිළි නිෂ්පාදකයා වන Teejay Lanka PLC, 2022 පෙබරවාරි 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කීර්තිමත් ව්‍යාපාරික අජිත් ගුණවර්ධන මහතා සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව නිවේදනය කර ඇත. පෙබරවාරි 1 වන දින ඔහු සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම සිදු කෙරුණි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) හි හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (NTB) සහ යුනියන් ඇෂුවරන්ස් හි හිටපු සභාපතිවරයෙකු ව​න ගුණවර්ධන මහතා, වසර 13 ක නිල කාලය නිමා කරමින් පෙබරවාරි 17 වැනි දින ඉල්ලා අස්වන බිල් ලැම් මහතාගෙන් පසු Teejay Lanka PLC හී සභාපති ධූරයට පත් වනු ඇති.

අජිත් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආයෝජන සමාගමක් වන Bluestone Capital Ltd හි නිර්මාතෘ සහ සභාපතිවරයා වේ. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන හා බෙදාහැරීමේ සමාගම වන ‘PickMe’ ලෙසින් ප්‍රචලිත, Digital Mobility Solutions Pvt Ltd හි ආරම්භක සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන Fintrex Finance Ltd හි ද සභාපතිවරයා වේ.

තවද ඔහු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කවුන්සිලයේ සාමාජිකයෙක් ද වේ.

අජිත් ගුණවර්ධන මහතාගේ පත්වීම ගැන නිවේදනය කරමින් Teejay Lanka පැවසුවේ, 2023 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ව්‍යවසායයක් බවට පත්කිරීමේ සහ දිගුකාලීනව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ඉලක්ක ප්‍රකාශයට පත් කර ඇති සමාගමේ වර්ධන ගමනට ගුණවර්ධන මහතාගේ මෙම පත්වීම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Teejay Lanka යනු US Cotton Trust Protocol හි සාමාජිකත්වය ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රෙදිපිළි නිෂ්පාදකයා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan