*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පොහොර අර්බුදය සහ කෘෂිකර්ම ප්‍රතිපත්ති

කෘෂිරසායන ආනයනය නැවැත්වීමේ තීන්දුව නිසා මෙවර මාස් කන්නයේ වී අස්වනු සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවීමේ භයානක ප්‍රතිපල පිළිබඳ මේ දිනවල සාකච්ඡා කෙරේ.එය ම තේ වගාව ඇතුළු අනෙකුත් ප්‍රධාන බෝගවල අස්වනු අඩු වීම කෙකෙරෙහි බලපා ඇති බවට විවිධ පාර්ශ්ව කරුණු දක්වති.මේ තත්වය පිළබඳ හේතු දැක්වීම් ලැයිස්තු ගත කරමි.

1.ඩොලර් සංචිත හිඟවීම නිසා කෘෂි රසායන ආනයනය නැවැත්වීමට සිදු වීම

2.කෘෂි රසායන ආනයනය නැවැත්වීම ඔස්සේ චීනය ඇතුළු රටවලින් ප්‍රමිතියකින් තොර කාබනික පොහොර හා දියරමය පළබෝධ නාශක ආනයනය මගින් විශාල කොමිස් මුදලක් ලබා ගැනීම

3.බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් මුදවා දේශීය කෘෂිකර්මය නංවාලීම

4.ආණ්ඩුව වැරදි උපදේශකයන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීමට ගොස් හත්පොළේ ගා ගැනීම

මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැකි ය.දැන් මේ පිළිබඳ සාකච්ඡා කරමු.ශ්‍රී ලංකාව කෘෂි එසායන අධිභාවිතයෙහි යෙදෙන රටක් හැටියට ප්‍රචලිත ය.එමෙන් ම මීට පෙර කොළඹ සරසවිය ඇතුළු ආයතන කිහිපයකින් කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ දැනට පසට එකතු වී ඇති රසායන ද්‍රව්‍යවල හානිකර බලපෑම් තව වසර තිහක් දක්වා දිගු විය හැකි බව ය.

එසේ නම් මේ අර්බුදය ජයගත හැක්කේ කෙසේද?මේ සඳහා නිදර්ශනයක් දැක්විය හැකිය.මීට දශක කිහිපයකට පෙර කියුබාව මෙවැනි අභියෝගයකට මුහුණ දුන්නේ ය.ඇමරිකන් බලපෑම අනුව බලගතු රටවල් ආර්ථික තහංචි දැමීම නිසා කියුබාවට කෘෂිරසායන ආනයනය කළ නොහැකි විය.ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ එරට කෘෂි විද්‍යාඥයන් කැඳවීය.පවතින අර්බුදය ජයගැනීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලැස්මක් සකස් කර දෙන මෙන් උපදෙස් දුන්නේ ය.

මෙය බාර දුන්නේ බහුජාතික සමාගම්වල කඹුරමින් ඩබල් ගේම් ගහන කෘෂි විශේෂඥයන්ට නොව කියුබාවට ආදරය කරන සැබෑ උගතුන්ටය.ඉදිරිපත් වූ සැලසුමෙහි එක් නිර්දේශයක් වූයේ බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩ පිළිවෙලක් හඳුන්වා දීම ය.රට පුරා ගැඩවිල් නිෂ්පාදන ගොවිපළවල් ඇති කිරීම එක් පියවරකි.පස සාරවත් කරන ස්වභාවික නගුල්තල හතර වන්නේ ගැඩවිලුන් ය.එය පෘථිවි තලයෙහි වසර දහස් ගණනක ක්‍රියාකාරිත්වයකි.ගැඩවිලා ක්‍රියාත්මක වන්නේ ස්ථර හතරකිනි.යට ම ස්ථරයෙහි කළු ගැඩවිලාය.උඩ ම ස්ථරයෙහි දිරාපත් වන රොඩු සමග වෙසෙන රතු පැහැති සිහින් කෙන්දක් වැනි ගැඩවිලාය.අනෙක් ගැඩවිල් ප්‍රභේද මහතින් වැඩි ය.පැහැයෙන් වෙනස්ය.මේ වනාහී තට්ටු හතරකින් ක්‍රියාත්මක කෙරෙනපස සරු කිරීමේ මිශ්‍ර කිරීමේ ස්වාභාවික යාන්ත්‍රණයකි.කාබනික පොහොර සහ ශාකසාරමය කෘෂි නිෂ්පාදන පමණක් යොදවා අපේක්ෂිත ඉලක්කයට යා නොහැකි හෙයින් මේවා යෙදවීම කරන ලද්දේ යම් අනුපාතයකට අනුව පියවරෙන් පියව ය.පසෙහි ස්වභාවික ජීව ක්‍රියාවලිය වෙනස් වී ඇති හෙයින් යළි ප්‍රකෘති තත්වයට පත් කිරීම එක රැයකින් කළ නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

වසර කිහිපයකදී අපේක්ෂිත ඉලක්කයට යෑමට කියුබාව සමත් විය.ඒ හැකියාව ලැබුණේ රාජ්‍ය මැදිහත්වීමෙන් රට පුරා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වූ ජාලගති සැලසුම් සහගත වැඩසටහනක් ඔස්සේය.කියුබානු රටවැසියෝ එහි උද්යෝගිමත් සාමාජිකයෝ වූහ.කෘෂි රසායන ආනයනය සීමා වීමෙන් පසුව වෙන වෙවන කතා කියා දැන් ඉතින් කොරගනිල්ලායි කීමක් එහි නොවීය.විශාල කොමිස් කුට්ටි තියාගන බාල බඩු ඇඟේ ගැසීමක් ද සිදු නොවීය.

ලංකාවට අදාළ ව

මිශ්‍ර බෝගවගාව ඒකල බෝග වගාවට මාරුවීම නිසාත්,කෘෂි රසාන අධිභාවිතය නිසාත් මනුෂ්‍ය වර්ගයා මුහුණ දුන් සහ දෙන අර්බුදය පිළිබඳ අගනා තොරතුරු සමුදායක් ඇමරිකානු විද්‍යාඥවරියක වන රැචල් කාසන් ලියූ silent spring(වසන්තය නිහඬයි),සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ජේම්ස් ගෝල්ඩ්ස්මිත් ලියූ the trap(උගුල) කෘතිවල අරතුළත් ය.කෘෂි රසායන නිසා වඳවී ගිය ඇතැම් කෘමීන් සහ පක්ෂීන් නිසා ඒකාබද්ධ ජෛව පාලනය අහිමි විය.ඒකල බෝග වගාවෙහිදී විශාල භූමියක තනි බෝගයක් වගා කෙරේ.පේළි සහ පැළ අතර පරතරයකි.පස හිරු එලියට නිරාවරණය වීම නිසා ඉක්මනින් වියැළේ.සෝදාපාළුවට ලක් වේ.කෘමි හෝ වෙනත් උවදුරක් ඇතිවුව හොත් යායම වැනසේ.පස්ගිය අවධියෙහි මෙරට බඩඉරිඟු බිම් සේනාදළඹු ප්‍රහාරයට ලක් වුයේ ද එපරිද්දෙනි.

මිශ්‍ර බෝග වගාව

අපට උරුම සාම්ප්‍රදායික ගොවිතැනෙහි විශේෂ අවස්ථාවක් වන්නේ මිශ්‍ර බෝග වගාවයි.අනෙක ධාන්‍ය මඩට ගොවිතැන් කරන අතර ඇතැම් ධාන්‍ය ගොඩැල්ලේ වැවීමයි.මිශ්‍ර බෝග වගාවෙහි දී විවිධ බෝග වර්ග එකට වැවේ.කුරක්කන්,මිරිස්,විටක්කා,කැකිරි,කොමඩු,අබ,බඩ ඉරිඟු,කපු යනාදී වශයෙනි.මේ බෝග අතර වල්පැළ ද ලියලයි.ලංකාවේ හේන් ගොවිතැන ක්‍රියාත්මක වූයේ එලෙසිනි.පැළ අතර පරතරය අඩු වීම සහ මඩුල්ලක් මෙන් මුසුවුණු වල්පැළ ද නිසා පසට හිරුට නිරාවරණය නොවීමෙන් වියළී යෑම වැලකේ.වැස්සකදී ජල බින්දු කෙළින්ම පසට නොවැදී ස්ථර කිහිපයක් පැළෑටිවලට වැදී සෙමින් පොළොවට රූටන නිසා පස සෝදාපාළුවට ලක් නොවේ.වගාවට හානි කරන කෘමීන්,පණුවන් මෙන්ම හිතකර සත්තු ද මේ පැළෑටි ගොන්නෙහි සිටිති.හානිකර සතුන් පාලනය වන්නේ හිතක සතුන්ගෙනි.කුඹුර අසල බඩවැටිය හිතකර සතුන්ගේ භූමියයි.කුරුලුපාළුවට වෙන්කෙරෙන පෙදෙසට කුරුල්ලන් පලවා හැරීම නිසා කුඹුරු යාය හානියට ලක්වීමෙන් වැලකේ.මෙය සාකච්ඡා කළ යුතු මට්ටමින් විස්තරාත්මක ය.

1960 දශකය පමණ වන විට වැඩිවන ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කළ යුතු වීමේ අදහස අනුව කෘෂි රසායන භාවිතය පුළුල් විය.ෆෝඩ් ආයතයේ ට්‍රැක්ටරයෙන් ක්‍රමානුකුලව ස්වාභාවික නගුල් තල හතර් ක්‍රියාකාරිත්වය ඇණ හිටියේය.අලුත් පිරිවැයක් එක්විය.රොකෙපලර් පදනමේ කෘෂි රසායන භාවිතය ඔස්සේ ඒකාද්ධ ජෛව පාලනය වෙනුවට අධික පිරිවැයක් සහිත නව නිෂ්පාදන භාවිතයට පැමිණියේය.ලංකාවට අදාළ ව මෙය සාකච්ඡා කළ හොත් නවීන කෘෂිකර්මය නිසා සහල් ආනයනය නතර කරන මට්ටමට වී නිෂ්පාදනය දියුණු විය.එහෙත් අධික පිරිවැය නිසා ගොවියා ණය කාරයකු බවට පත් විය.අරති වූ සංකීර්ණ ගැටලුවලට පිළියම් යෙදීමට අසමත් විය.කුඩා ඉඩම් තිබූ ගොවීන් කුලීකරුවන් බවට පත් වෙමින් ගොවි ව්‍යාපාරික පන්තියක් බිහි විය.මේ ව්‍යාපාරික පන්තිය කෘෂිරසායන විකුණන,දිළිඳු ගොවීන්ගේ ඉඩම් සහ දේපල අත්පත් කරගන්නා පන්තියක් හැටියට වර්ධනය විය.කෘෂි ව්‍යාප්ති සේවය නතර කිරීම ඔස්සේ ගොවියා ව්‍යාපාරිකයාගේ වුවමනාවට කෘෂිරසායන අධිභාවිතයෙහි යෙදෙන හිඟන්නකු බවට පත් විය.හේන්ගොවිතැන පරිසරයට හානි කරන එකක් ලෙස හඳුන්වමින් නීතියද ක්‍රියාත්මක කිරීම ඔස්සේ මිශ්‍ර ගොවිතැන නමැති පරිසර හිතකාමී ගොවිතැන අභාවයයට ගියේයකෘෂි විශේෂඥයන්ගෙන් බහුතරය බහුජාතික සමාගම්වල කුලීකාරයන් වීම නිසා වැරදි උපදෙස් පාලකයන්ට ලබා දීමෙන් කෘෂි අර්බුදයක් නිර්මාණය විය.මේ වනාහී දීර්ඝ වශයෙන් කතා කළ යුතු මාතෘකාවකි.කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි අර්බුදය කෘෂිරසායන භාවිතයටම සීමා කළ නොහැක.හදිසි තීන්දුවක් අනුව කෘෂිරසායන භාවිතය මුළුමනින්ම නැවැත්වීමේ සෘජු ප්‍රතිපල ලෙසි ගොවිතැන අසාර්ථක වී කෘෂි රසායන එකම විසඳුම ලෙස තහවුරු වීමේ අවදානමක් ද ඇත.එහි ප්‍රතිපලය සමාගම් ආධිපත්‍යය යළි සෙලවිය නොහැකි ලෙස ස්ථාපිත වීමය.
පවතින අර්බුදයට විසඳුම්.
1.රටට ආදරය කරන කෘෂි විශේෂඥයන් ලවා කෙටිකාලීන හා දිගුකාලීන සැලැස්මක් සකස්කිරීම

2.ගම්මට්ටමින් රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන් පහළ යාන්ත්‍රනයෙහි කොටස්කරුවන් කරගනිමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම

3.කෘෂිරසායන භාවිතය එකවර නවත්වන්නේ නැතිව යම් අනුපාතයකට යොදමින් පසෙහි ජීවගුණය වර්ධනය කිරීමේ පියවර අනුගමනය කිරීම.

4.ස්වාභාවික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශාක විශාල ප්‍රමාණයක් මෙරට පවතී.ඒවා ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.උදා.ඇල්බීසියා,කැප්පෙටියා

5.දැනට වැව්වල පැවැත්මට තර්ජනයක්ව ඇති සැල්වීනියා සහ ජපන් ජබර පොහොර නිෂ්පාදනයට හොඳ මූලාශ්‍රයකි.අතීතයෙහි පටන් වත්මන දක්වා කිසිදු වසවිසක් පොවෙට නොයොදා ස්වාභාවික ගොවිතැනෙහි යෙදෙන්නකු වශයෙන් එහි ප්‍රීතිය බුක්ති විඳින මේ ලියුම්කරු නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවකට මුළුමනින්ම එකඟ ය.

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan