*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ඇමති විමල්ගේ අයථා වත්කම් නඩුව ජුනි මාසයට කල්යයි. නීතීඥයාට අසනීපයි ලු

2010 – 2014 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන ජුනි 17 වනදා දක්වා කල්තැබීමට අධිකරණය අද (02) නියෝග කළේය.

ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අසනීප තත්වයකින් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඒ මහතාගේ කනිෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය ජුනි 17 සහ 28 යන දිනවල සිදුකිරීමට නියම කළ විනිසුරුවරයා එදිනට අධිකරණයෙහි පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව විමල් වීරවංශ මහතාට අධිචෝදනා භාරදී ඇත්තේ 2018 ජනවාරි මාසයේදී වන අතර වසර හතරකට අධික කාලයක් තිස්සේ නඩු විභාගය කල් ඇදෙමින් පවතී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan