මුහුදුබත් වූ X-Press Pearl නෞකා හානියේ වන්දි වෙනුවෙන් ඇති සීමා වලට එරෙහිව නීතිපතිවරයාගෙන් ලන්ඩන් අධිකරණට විරෝධතා

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): ගිනි ගෙන මුහුදුබත් වූ X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනිමට පනවා ඇති සීමාවලට එරෙහිව නීතිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර ඇති බව සඳහන් වේ.

ඉකුත් 26 වැනිදා එම විරෝධතා ගොනු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටාලින් පවුම් මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඊට එරෙහිව මෙම විරෝධතා ගොනු කර ඇති අතර, ඒ අනුව නඩුව මේ මාසයේදී කැඳවීමට දින නියම කෙරෙනු ඇත.

මේ අතර,නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක්ද පසුගිය 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...