අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්තොට, මාමඬල, බැමිණියන්වල ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 02) රාත්‍රියේ තිදෙනෙකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 08.00 ට පමණ හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහරකෑමට ලක්වූ තිදෙනාගේම ගෙල සහ මුහුණුවලට බරපතළ හානි සිදුව ඇති අතර එක් අයෙකු අම්බලන්ගොඩ රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබිණි. අනෙක් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇලේගොඩ හා මාමඬල ප්‍රදේශවල පදිංචි 29, 34 සහ 45 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වන දෙපිරිසක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි කරුණු අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...