අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්තොට, මාමඬල, බැමිණියන්වල ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 02) රාත්‍රියේ තිදෙනෙකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 08.00 ට පමණ හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහරකෑමට ලක්වූ තිදෙනාගේම ගෙල සහ මුහුණුවලට බරපතළ හානි සිදුව ඇති අතර එක් අයෙකු අම්බලන්ගොඩ රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබිණි. අනෙක් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇලේගොඩ හා මාමඬල ප්‍රදේශවල පදිංචි 29, 34 සහ 45 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වන දෙපිරිසක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි කරුණු අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...