*
Monday, February 3, 2025
spot_img

Latest Posts

ගොවියාගේ කරපිටින් බලයට ආවත් ආණ්ඩුවට වීවලට ස්ථාවර මිලක් දී ගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වී ගොවියාගේ කරපිටින් බලයට පත් වූ ආණ්ඩුවට වීවලට ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වි ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිට ගොවියා වෙනුවෙන් විශාල හඩක් නගා වීවලට ස්ථාවර මිලක් මෙන්ම ස්ථාවර මී විල රටේ නීතියක් බවට පත් කරන බවට පවසා ගොවියා රජ කරනවා කියන වත්මන් මැති ඇමතිවරුන්ට නිවැරදි වෙලාවට රුපියල් 25,000 පොහොර සහනාධාරය දෙන්නවත් බැරි ව ඇති බවත් කොටසට 15,000 මෙන්ම තවත් කොටසකට 10,000ක් බැගින් කොටස්වලට ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොයම් කපන කාලයේ වීවලට ස්ථාවර මිලක්වත් ප්‍රකාශයට පත් කර නොමැති බවත් රජය වී මිල දී ගන්න රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවට ප්‍රකාශ කළත් වී අලෙවි මණ්ඩලය එම මුදල ලබා ගන්න ඉල්ලීමක් කර නොමැති බවත් සහතික මිල තීන්දු නොකිරීම, පොහොර සහනාධාරය හරියට නොදීම මෙන්ම වී මිල දී ගන්න පවා මුදල් වෙන් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වන සතුන් නිසා ගංවතුර නිසා මහවැසි නිසා අස්වැන්න විනාශ වුනත් ඒවාට වන්දි දෙන්නවත් ක්‍රමයක් නොමැති බවත් නැගෙනහිර පළාතේ ගොයම් කැපීම අවසාන මට්ටමේ තිබුණත් සහතික මිලක් නැති බවත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට කුණු කොල්ලයට වි මිලදී ගන්න මාර්ගය සකසා ගොවියා අසරණ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල හිරියාල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එසේම රතු ලේබල් ගැසූ බහලුම් විශාල ප්‍රමාණයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවත් එසේ නිදහස් කළ බහලුම් 323න් 80%ක්ම රතු ලේබල් ගැසූ ඒවා බවත් මේවා නිදහස් කළේ කාගේ නියෝග ද කියා සෙවිය යුතු බවත් රතු ලේබල් ගහන්නේ අන්තරාදායක අනතුරුදායක අවදානම් දේවල්වලට බවත් රේගුවට සම්බන්ධ වෘත්තීය සමිති මේ ගැන තොරතුරු අනාවරණය කළ බවත් මේ නිදහස් කිරීම් කර තිබෙන්නේ ඉහළින් ආව නියෝගවලින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ පරික්ෂා නොකළ බහලුම්වල මත්ද්‍රව්‍ය කුඩු ආයුධ නැ කියා රජය කියන බවත් පරීක්ෂාවකින් තොරව එසේ කියන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් මහා පරිමාණයේ දූෂණ වංචාවක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ ගැන රටේ ජනතාව වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඩ නගා අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

හරිහමන් දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් නැහැ

රට බංකොලොත් වීමත් සමග රටේ විශාල ප්‍රමාණයක ජන ජීවිත කඩා වැටුණු බවත් බොහෝ දෙනා දරිද්‍රතාවෙන් පෙළෙුණ බවත් අදටත් අප රටේ දුප්පත්කම තුරන් කරන පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ආණ්ඩු බලයට පත් වූ පසු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ දුප්පත් ජනතාව යම් කාල වකවානුවක් තුළ මුදවා ගන්න ඉලක්ක ගත වැඩපිළිවෙළක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය තීරණාත්මකයි

අද වන විට පළාත් පාලන ක්ෂේත්‍රවල සේවා ඉටු නොවන බවත් එම නිසා ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ඉතා වැදගත් බවත් ගම රැක ගෙන නගරය රැකගෙන ජනතාව විශ්වාස කරන දක්ෂ කණ්ඩායමක් යොමු කර පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ මාර්ග පද්ධති පානීය ජල ගැටලු ආදියට විධිමත් විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan