අපි දැන් හැව ඇරලා යන්න ඕනෙ. ජනාධිපතිකම, පාර්ලිමේන්තුව තියෙනවා, අපට දැන් බිමේ බලය අවශ්‍යයයි – ආරක්ෂක නි. ඇමති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට දැනට විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු බලය ඇතත් තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නම් බිමේ බලයත් ලබාගත යුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසයි.

“හැව ඇරලා අපි දැන් යන්න ඕනෙ. නැත්නම් පරණ හැව අපි ආපහු දාගන්නද ? වැඩක් නෑ. අපි හැව ඇරලා අලුත් වෙලා ශක්තිමත් වෙලා අධිෂ්ඨානශීලීව ඉදිරියට යා යුතුයි. ඒකට ඉවසීම තියෙන්න ඕනෙ. දේශපාලන පරිවර්තනයක් අපි අරගෙන ඉතාමත් හොඳ දේශපාලන සංස්කෘතියක් අපි හඳුන්වලා දුන්නා. නමුත් ඒකෙන් කියන්නෙ නැහැනෙ හොඳ ආර්ථිකයක් හම්බුණා කියලා. පළාත් සභා මැතිවරණයක් අපිට එනවා අප්‍රේල් මාසෙ. අපිට දැන් විධායක ජනාධිපති සිටිනවා. කැබිනට්ටුව තියෙනවා, ඊළඟට පාර්ලිමේන්තු බලය තියෙනවා. අපට දැන් බිමේ බලය අවශ්‍යයයි මේ අපේ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න”

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...