මහින්ද මහත්තයා ලැජ්ජාවට පත්කරලා එළියට බස්සන්න නම් අපි ඉඩ දෙන්නෙ නෑ – සාගර කාරියවසම්

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවත්, දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතක් හෝ එහි රැඳී නොසිටින බවත් ඒ මහතා පවසා සිටියේය.

ඒ පිලිබඳ අදහස් දැක්වූ කාරියවසම් මහතා,

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්, එතුමා එය භාර ගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නනේ නැහැ. එතුමා වාහම ඉවත් වෙලා යනවා. නමුත් ඔබතුමන්ලා හදන්නේ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව, කියවා එතුමාව ලැජ්ජාවට පත්කරලා මහින්ද රාජපක්ෂ මහතා එතනින් එළියට බස්සන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලාට කරන්න දෙන්නේ නැහැ.” කෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...